සයුරෙන් එහා පුවත්

ඉරානය අකමැති නම් දිගට හරහට ග.හනවා

යුද්ධය අවසන් කිරීමේ එකඟතාවකට ඉරානය එකග නොවන්නේ නම්,  ඉරානයට ප්‍රබල ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් බව, ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් ඊයේ (26) මාධ්‍ය හමුවේ පැවැසුවය.

‘ඉරානය යථාර්ථය අවබෝධ කර ගන්න ඕනෑ. ඉරානය මේ වනවිට ඉන්නේ හමුදාමය වශයෙන් පරාජය වෙලා. ජනාධිපති ට්‍රම්ප් යුද්ධය අවසන් කිරීමේ එකඟතාවකට ඉරානය සම්බන්ධ කර ගන්න හදනවා. ඉරානය ඊට විරුද්ධයි නම්, මීට පෙර කිසිදා නොවූ විරූ ප්‍රබල ප්‍රහාරයකට ඉරානයට මුහුණ දෙන්න වේවි.’ යැයි මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නාය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button