සයුරෙන් එහා පුවත්
-
ලෙබනනයට එල්ල කළ ප්‍රහාර සටන් විරාම ගිවිසුමේ ‘බරපතළ උල්ලංඝණයක්’- ඉරාන නියෝජ්‍ය විදේශ ඇමති
ලෙබනනයට එල්ල වූ ප්‍රහාර සටන් විරාම ගිවිසුම ‘බරපතළ උල්ලංඝණය’ කිරීමක් බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසා තිබේ. බීබීසී පුවත් සේවය සමග කළ සාකච්ජාවකදී ඔහු මේ බව සඳහන් කර ඇත. නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පවසා ඇත්තේ, ඇමෙරිකාවට අවශ්‍ය යුද්ධය නැතහොත් සාමය යන්න “තෝරා ගත යුතු” බව ය. මැදපෙරදිග සිටින සෑම කෙනෙකු ම මෙම ගිවිසුමට අනුකූල විය යුතු යැයි ඉරානය ඉල්ලා සිටින බවත්…
Read More » -
සටන් විරාමය ප්‍රකාශයට පැය කිහිපයකින්ම මැදපෙරදිග නැවතත් ගිනිගන්නා ලෝකයක්
මැදපෙරදිග කලාපයට තාවකාලික සහනයක් ගෙන දුන් ඓතිහාසික සටන් විරාමය ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් යාමටත් මත්තෙන්, දැවැන්ත ගුවන් ප්‍රහාර සහ යටිතල පහසුකම් ඉලක්ක කරගත් බෝම්බ ප්‍රහාර හමුවේ එම එකඟතාවයේ පැවැත්ම දැඩි අවදානමකට ලක්ව තිබේ. පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් සහ ජෙනරාල් අසීම් මුණීර්ගේ මැදිහත්වීම මත ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර සති දෙකක සටන් විරාමයක් 2026 අප්‍රේල් 8 වන දින ප්‍රකාශයට පත්…
Read More » -
ට්‍රම්පච්චි යුද්ධය නවත්වද්දී, කිම් ජොන් පුතා බැලැස්ටික් මිසයිල එවයි
උතුරු කොරියාව විසින් අද (08) උදෑසන එරට නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට බැලැස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර ඇති බව දකුණු කොරියානු හමුදාව උපුටා දක්වමින් විදසේ මාධ්‍ය වාර්තා කරයි. දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කාර්යාලය (JCS) අනුව, මෙම මිසයිල වොන්සාන් ප්‍රදේශයෙන් උදෑසන 8:50 ට පමණ දියත් කර ඇති අතර, ඒවා කිලෝමීටර් 240ක පමණ දුරක් පියාසර කර ඇති බව වාර්තා වෙයි.…
Read More » -
ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් බීමත්ව රිය පදවා පොලිස් දැලට හසුවෙයි!…..
ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන්ව දණගැස්වූ ඕස්ට්‍රේලියාවේ සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර්, මෙවර මාංචු වැටෙන වැඩක් කරගෙන කියන පුවත දැන් ලෝකය පුරා ලැව්ගින්නක් වගේ පැතිරෙනවා. 39 හැවිරිදි වියේ පසුවන මේ හිටපු සුපිරි තරුව පසුගියදා සිඩ්නි නුවරදී පොලිස් දැලට හසු වී තිබෙන්නේ ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ මොහොතකයි. සිද්ධිය වෙන්නේ නැගෙනහිර සිඩ්නි හි මරූබ්‍රා (Maroubra) ප්‍රදේශයේදී. හදිසි මාර්ග පරීක්ෂාවකට වෝනර්ගේ රථය නතර කළ පොලිසියට…
Read More » -
ඉරානය එක රැයකින් විනාශ කර දැමිය හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අගවයී..
ඉරානය එක රැයකින් විනාශ කර දැමිය හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඉරානයට ලබාදී ඇති කාලය අද (07) රාත්‍රී 8න් අවසන් වන බවය. ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර තිබේ. අද රාත්‍රී 8 වන විට තමාට පිළිගත හැකි ගිවිසුමකට එළඹීමට ඉරානය අපොහොසත්…
Read More » -
IRGC බුද්ධි අංශ ප්‍රධානියා එලොව යවයි….
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් මජිඩ් ඛඩේමි (Majid Khademi) අද (06) එල්ල වූ ප්‍රහාරයකින් මියගිය බව ඉරාන රජයේ මාධ්‍ය පවසයි. මෙම ඝාතනය සඳහා අමෙරිකාව සහ ඊශ්‍රායලය වගකිව යුතු බව ඉරාන ආරක්ෂක බලකාය චෝදනා කරයි. මොහු මියගිය ස්ථානය පිළිබඳ නිශ්චිත තොරතුරු සඳහන් කර නොමැත.
Read More » -
ඉරාන යුද්ධයට සටන්විරාමයක්…
ඉරාන යුද්ධයට සටන්විරාමයක් ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුද ගැටුම් අවසන් කිරීමේ සටන්විරාම යෝජනාවක් සම්බන්ධව දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. එම සටන්විරාමය අද (06) දිනයේ සිට ආරම්භවීමේ අවස්ථාවක් ද ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වුණි. ඉස්ලාමාබාද් සම්මුතිය නම මෙම යෝජනාවලිය පාකිස්තානයේ මැදිහත්වීමෙන් සකස් කර දෙරටට ඉදිරිපත් කළ ඇති බවත්…
Read More » -
“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්
දකුණු ඉන්දීය සිනමාවේ ආදරණීයම යුවළක් වන රශ්මිකා මන්දනා සහ විජේ දේවරකොන්ඩා ගැන මුළු ලෝකයම ආයෙත් කතා වෙන්න පටන් අරන්. ඒකට හේතුව තමයි ඔවුන්ගේ විවාහයෙන් හරියටම දින 39ක් සම්පූර්ණ වෙද්දී රශ්මිකා ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කරපු අපූරු සටහනක්. “අපි දැන් තුන්දෙනෙක්” (We are now three) කියලා ඇය දාපු මේ කැප්ෂන් එකත් එක්ක රසිකයෝ අතර ලොකු කුතුහලයක් වගේම කලබලයක් ඇති වුණා. උදයිපූර්වල…
Read More » -
තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.
මැදපෙරදිග මතුවව ඇති යුද ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාමත් සමග සෙනගල් රාජ්‍යය අමාත්‍යවරුන්ට අත්‍යවශ්‍ය නොවන සියලුම විදේශ සංචාර තහනම් කර තිබේ. සෙනගාල අග්‍රාමාත්‍ය සොන්කෝ නයිජර් විසින් මේ බව නිල වශයෙන් නිවේදනය කරමින් එරට සියලුම අමාත්‍යවරුන්ට දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය මේ සම්බන්ධව වාර්තා කරමින් සඳහන් කර ඇත. එමෙන්ම මෙම සීමාවේ පියවරක් ලෙස සෙනගාල අග්‍රාමාත්‍යවරයා විසින් නයිජර් සහ ස්පාඤ්ඥයට…
Read More » -
Artemis II මෙහෙයුම මේ වනවිට ගමනේ අඩකට වඩා වැඩිදුරක් සාර්ථකව ගොස් ඇති බව නාසා ආයතනය පවසයි.
Artemis II මෙහෙයුම මේ වනවිට ගමනේ අඩකට වඩා වැඩිදුරක් සාර්ථකව ගොස් ඇති බව නාසා ආයතනය පවසයි. මෙම මෙහෙයුම පසුගිය අප්‍රේල් 02 වැනිදා අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ආරම්භ විය. අභ්‍යවකාෂ ගවේෂකයන් රැගත් ඔරායන් යානය ගමන් අරඹා පැය කිහිපයකින් සාර්ථකව Space Launch System නැතහොත් (SLS) රොකට්ටුවෙන් ඉවත් විය. මෙහි මෙහෙයුම් කාර්ය මණ්ඩලය ලෙස රේඩ් වයිස්මන්, වික්ටර් ග්ලොවර්, ජෙරමි හැන්සන් සහ ක්‍රිස්ටිනා…
Read More »