එදා ක්‍රිකට් පිටියේ තැනූ පතාක බැම්මක්… ඒ සුපිරි ක්‍රිකට් වීරයා මේ දිනවල ලංකාවට ඇවිත්… හිතාගන්නවත් බැ… ලංකාවේ පරිසරයට හුගාක් ආසයි සංචාරක කර්මාන්තය උතුරන්න හරියන එක අහන්නත් දෙයක්ද ?

දකුණු අප්‍රිකා හිටපු ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් සිය ටුක් ටුක් චාරිකාව ආරම්භ කරමින් සිය සමාජ ජාලා ගිණුම් හි ප්‍රසිද්ධ කර ඇති දේවල් සඳහා උණුසුම් ප්‍රතිචාර හිමිව..

දකුණු අප්‍රිකා හිටපු ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් සිය ටුක් ටුක් චාරිකාව ආරම්භ කරමින් සිය සමාජ ජාලා ගිණුම් හි ප්‍රසිද්ධ කර ඇති දේවල් සඳහා උණුසුම් ප්‍රතිචාර හිමිව තිබෙනවා.

දකුණු අප්‍රිකා හිටපු ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් සටහන් කර ඇත්තේ මෙවැන්නක්,

“ඔබ රටක් හරහා ගමන් කරන විට, ප්‍රාදේශීය ප්‍රජාවන්ට සහ පරිසරයට ප්‍රතිලාභ ලබා දීම සඳහා, ඔබට හැකි තරම් දේශීය ජනගහනයට සමීප වීමට අවශ්‍ය වේ. මෙය මනසේ තබාගෙන, අපි ගෝවේ පාරවල්වල පළපුරුදු ප්‍රචාරකයින් බව දකිමින්, ශ්‍රී ලංකාවෙන් රෝද කිහිපයක් (ඒවායින් 3 ක්) ලබා ගැනීමටත්, අහංගම ප්‍රදේශයේ විවිධ සර්ෆ් බ්‍රේක් වෙත යාමටත් අපි තීරණය කළෙමු.

මම අපේම ප්‍රවාහනයක් තිබීමේ ස්වාධීනත්වයට පමණක් නොව, සෑම සංචාරයක් සඳහාම සර්ෆ්බෝඩ් 5ක් සමඟින්, දේශීය ටුක්ටුක් හිමිකරුවන්ගෙන් වාහන බදු දෙන විට සමාජ දර්ශනයටද ප්‍රිය කරමි. .

ශ්‍රී ලංකාව දැන් කලක සිට රෝඩ්ස් පවුලේ ප්‍රියතම සර්ෆ් ගමනාන්තයක් වී ඇති අතර, සංචාරක කර්මාන්තය නැවත වරක් ආර්ථිකය මත ඇති කරන බොහෝ ධනාත්මක බලපෑම් දැකීම සතුටක්.

ගෙවුණු වසරට සාපේක්ෂව මේ වසරේදී මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තයේ ඉපැයීම් ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. සංචාරක කර්මාන්තය හරහා පසුගිය ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාව උපයා ඇති මුදල ඩොලර් මිලියන 185.6කි.

ඒ අනුව මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා වූ මාස 10 තුළ මුළු සංචාරක කර්මාන්තයෙන් උපයන ලද මුදල ඩොලර් මිලියන 2533.7ක් වෙයි. මෙය 2023 වසරේ මුල් මාස 10 යේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය වන මිලියන 1593.4 සමග සසදන විට 59%ක වර්ධනයකි.

මෙවැනි පසුබිමක 2024 නොවැම්බර් මස මුල් දින 05 තුළදී විදෙස් සංචාරකයින් 30,620 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මේ සමඟම 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1,651,335ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නොවැම්බර් මාසයේදී පළමු දින පහ තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 7,785කි. දෙවැනියට වැඩිම සංචාරකයින් පිරිසක් රුසියාවෙන් පැමිණ ඇති අතර එය 4,488කි.

ඉන් පසු වැඩිම සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ, ජර්මනිය, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව සහ චීනය යන රටවලිනි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කරන්නේ, මේ වසරේ මුල් මාස 10 තුළ පමණක් මෙරටට ලැබී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,431ක් බවය.

2024 ඔක්තෝබර් මාසය තුළදී විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 587.7ක්.

එය පසුගිය 2023 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා වූ මාස 10ක කාලයට සාපේක්ෂව 11.7%ක වැඩිවීමකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports