සුහානාගේ කොහොමත් ඉතින් ලොකු සීන්!

බොලිවුඩය කියන්නේ හැමදාමත් ගොසිප් වැස්සක් මවන සිනමා ඉන්ඩස්ටි්‍රයක්. කා ගැන පළවුණත් ඒ ගොසිප් හරිම රසවත්. සරලව කියනවා නම් රසකාරක පදමට දාලා හදාපු සුපිරි කොත්තුවක් නූඩ්ල්ස්..

බොලිවුඩය කියන්නේ හැමදාමත් ගොසිප් වැස්සක් මවන සිනමා ඉන්ඩස්ටි්‍රයක්. කා ගැන පළවුණත් ඒ ගොසිප් හරිම රසවත්. සරලව කියනවා නම් රසකාරක පදමට දාලා හදාපු සුපිරි කොත්තුවක් නූඩ්ල්ස් එකක් උණු උණුවේ රස කර කර කන තරම් ටේස්ට් එකක් ඒවායේ තියෙනවා.

බර වචන දාපු ආලවට්ටම් ඕනෙ නැහැ. මොකක්ද මේ දවස්වල යන ලේටස්ට්ම ගොසිප් එක?
ගොසිප් එක ෂාරුක් ඛාන්ගෙ හුරතල් දෝණි සුහානා ඛාන් ගැනයි.

ඒ මොකක්ද? සුහානා කොල්ලෙක් එක්ක පැටලිලාද? එහෙම නැත්නම් කවුරු හරි එයාගේ පස්සෙන් එන්න අරන්ද?

ඒ වාගේ කතා නම් සුහානා ගැන ඕනෙ තරම්. ඒවා ඉතින් හරි කොමන් කේස්. මේ කියන්න යන්නේ ඊට වෙනස් කතාන්දරයක්. කතාන්දරයක් කිව්වට මේක ටිකක් විතර බරපතළ චෝදනාවක්.

‘රූගත කිරීම්වලදී සෙට් එකට පැමිණීමට සුහානා ඛාන් ගන්නා අමතර වෙලාව විනාඩි 40 ඉක්මවයි’

සෝෂල් මීඩියාවල එකී චෝදනාව ගැන ලියැවුණු සටහනෙහි සිරස්තලය පළවුණේ එහෙමය. කතන්දරය ගැන තව වංහුං හොයනවා නම් විස්තර මෙහෙමය. නිළියක ලෙස උතුරු ඉන්දීය සිනමාවට පිවිසුණු සුහානා ඛාන් සෙට් එකට එන්නේ නියමිත වෙලාවට වඩා විනාඩි 40ක් 50ක් ප්‍රමාද වෙලාලු. කැමරා අටවගෙන ෆිල්ම් එකේ ඩිරෙක්ටර්ගේ ඉඳලා ටී බෝයි වෙනකල්ම සුහානා එනතුරු ඇටෙන්ෂන් එකේ බලාගෙන ඉන්නවලු. ඒ වගේම හැමෝගෙම හිත් තුළ ඒ ගැන කලකිරීමකුත් තියෙනවලු.

ඇයි සුහානා එහෙම කරන්නේ? ෂාරුක්ගේ දුව නිසා එයා ලොකු සීන්ද?

සුහානා කොහොමත් ටිකක් විතර ආඩම්බරයි. අම්බානිලගේ හත්දොහේ මඟුල් කාපු වෙඩින් එකට ආපු වෙලාවෙත් ෂාරුක් – ගෞරි දෙන්නා හැමෝටම පුංචි හිනාවකින් සංග්‍රහ කරලා නිහතමානීව ආචාර කරන කොට සුහානා හිටියේ අමුතු ආඩම්බරේක තමයි.

ඒත් මෙතන සීන් එක නම් වෙනම දෙයක්. චැට් ෂෝ එකකට ආව වෙලාවේ ප්‍රසන්ටර් ඇගෙන් ඒ සීන් එක ගැන අහනකොට සුහානා කියලා තියෙන්නේ මෙහෙම කතාවක්.

‘මම දර්ශන තලයට යන්නේ මගේ හිතත් එක්ක පොඩි කතාබහක යෙදිලයි. චරිතයකට ආරූඪ වෙන්න මේක්-අප් එක විතරක් සම්පූර්ණව තිබ්බට මදි. සුහානා විදියට මම මගේ චරිතය එක්ක ඊළඟට තියෙන සීන් එකත් එක්ක ටිකක් එකට සම්බන්ධ වෙන්න ඕනේ…’

‘ඕකේ… මම රෙඩී’ කියලා සුහානා කියන මම මා තුළ ගොඩනැගෙමින් තියෙන චරිතයට කියනතුරු මම භාවනාවක ඉන්නවා. ඉන් පස්සේ සෙට් එකට යන්නේ මාරම රිලැක්ස් එකේ. ඒක අනෙක් අයට කාලය මැරීමක් වුණාට මම මොනවා කරන්නද?’

එතකොට සුහානා රිලැක්ස් වෙන්න අරඅඳින ඒ සීන් එකත් එක්ක සෙට් එකේ අනෙක් අය පත්වෙන අපහසුතාවට මොකද වෙන්නේ?

ඒකනේ කියන්නේ. සුහානා ඩෝන්ට් කෙයාර් කතා කරන එක හරි මදි වාගේ කියලයි හිතෙන්නේ. කොහොමත් කිං ඛාන්ගෙ පවර් එකත් හීනියට වාගේ ඒ සීන් එකේ තිදෙනවද මන්දා…

ෂාරුක් මොනවද ඒ ගැන කියන්නේ?

ෂාරුක් මොනවා කියන්නද? ආර්යන් ගෑවිච්ච කුඩු කේස් එකේදී පැත්ත ගහලා නිහඬව හිටපු ෂාරුක් මේ වගේ කතන්දරයකට උත්තර බඳීයැ…
හැබැයි හැමෝම අතර කසුකුසුවක් තියෙනවා.

මොකක්ද ඒ කසුකුසුව?

‘සුහානා ඛාන් කොහොමත් ඉතිං ලොකු සීන් තමයි…’

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports