ගාමිණී – ඇන්ජෙලා හොඳටම හිටිය කාලේ.. !

කොහොමද මේ කවර් පේජ් එක? අවංකවම කියනවා නම් තියුණුයි. හැඩකාරයි. ගාම්භීරයි. ඒ ගාම්භීර පෙනුමට වැඩිපුරම හේතු පාඨය දෙන්නේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ආඩම්බරකාර පෞරුෂය. නිළියක්..

කොහොමද මේ කවර් පේජ් එක? අවංකවම කියනවා නම් තියුණුයි. හැඩකාරයි. ගාම්භීරයි. ඒ ගාම්භීර පෙනුමට වැඩිපුරම හේතු පාඨය දෙන්නේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ආඩම්බරකාර පෞරුෂය. නිළියක් සහ නිරූපිකාවක් වූ ඇන්ජලා සෙනෙවිරත්න ගාමිණී ෆොන්සේකා එක්ක මේ ෆොටෝ එකට හිටියේ ඈ සමග විවාහ වූ දවස්වලමයි. ගාමිණී කොහොමත් මාධ්‍යයත් එක්ක ලොකුවට ඇඟෑලුම්කම් තිබ්බ සිනමා තරුවක් නෙවෙයි. හැබැයි මේ ෆොටෝ එකට නම් කොල්ලා වාගේ ගැම්මට ෆේස් කරලා ඉන්නේ අහංකාර සතුටකින්.

සමහර විට ඒ සතුට ඇන්ජලා ළඟ ඉන්න හින්දා වෙන්නැති. ඇන්ජලා නිළියක් ලෙස නමක් හදාගත්තේ ගාමිණී හින්දයි. ඔහු කරළියට ගෙන ආ සිංහල සිනමාවේ නිළියන් අතර ඇන්ජලාත් එක්කෙනෙක්. එහි සමාරම්භය ගාමිණීම අධ්‍යක්ෂණය කරපු ‘කොටි වලිගය’ චිත්‍රපටයයි. බොක්ස් ඔෆිස් ගහපු සම්මානනීය චිත්‍රපටයක් වෙච්ච කොටි වලිගයේ ඇන්ජලාට ගාමිණී දුන්නේ කා අතරත් කතාබහට ලක්වූ අමුතු ආකාරයේ කැරැක්ටර් එකක්. කොහොමින් හරි කොටි වලිගය අල්ලගත්තා වගේ කියලා කරදරකාරී ප්‍රස්ථාව පිරුළක් තිබුණට ඇන්ජලාට නම් ‘කොටි වලිගය’ට අත ගැහුවට පස්සේ හරිගියා. චිත්‍රපටවලින්, ටෙලිනාට්‍යවලින් වාගෙම දැන්වීම් කලාවෙනුත් ඇයට ආරාධනා ලැබුණා.

ගාමිණි හා විවාහයෙන් පසුව ඇය හුරුබුහුටි දූවරු තිදෙනෙකුගේ මවක් වුණා. ‘සයිලන්ට් හාට් ඇටෑක්’ එකකින් ගාමිණී මියයන්නට මදක් ආසන්න කාලයේ පවුලක් ලෙස ඔවුන් පදිංචිව සිටියේ ජාඇල පැත්තේ සුපිරි දෙමහල් නිවෙසකයි. මතක හැටියට මේ කවර් පේජ් එකට පසුබිම්ව තියෙන්නෙත් එහි ආලින්දයයි.
ගාමිණි ෆොන්සේකාගේ මරණයෙන් පසුව ඇන්ජලා සිය ප්‍රසිද්ධ ජීවිත රටාවෙන් ඈත්ව සිටියත් ඈ ගැන වංහුං හොයන මාධ්‍යවල මෑතකදී පළව තිබූ පුවතක් වූයේ ඇය අසනීපයෙන් පසුවන බවකි.

කොහොමත් ආයෙම වතාවක් කැමරාවක් ක්ලික් කරලා ගන්න බැරි මේ ජෝඩුවගේ ආලිංගනය නම් හරිම අපූරුයි.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports