” මං පොරොන්දු වෙනවා. ලංකාවට ඒ ඔටුන්න ගේනවා..” ලෝක රෑ රැජින දිනූ ඉශාදි ලයිව් ඇවිත් හැමෝටම කියපු දේ මෙන්න.

අමන්දා.. මේ වෙනකොට ලොවක අවධානය දිනාගත් කාන්තාවක් බවට ඉශාදි පත්වී හමාරයි.. මීට පැය කිහිපයකට පෙර අමෙරිකාවේ ලාස්වේගාහීදී අවසන් වූ 40 වන ලෝක විවාහක රූ රැජින..

අමන්දා.. මේ වෙනකොට ලොවක අවධානය දිනාගත් කාන්තාවක් බවට ඉශාදි පත්වී හමාරයි..

මීට පැය කිහිපයකට පෙර අමෙරිකාවේ ලාස්වේගාහීදී අවසන් වූ 40 වන ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රි ලංකාව නියෝජනය කළ
Mrs.Ishadi Amanda සමත් වුණා.. ඉන් පසුව ඇයත් චන්දිමාල් ජයසිංහත් ෆේස් බුක් ලයිව් එකකට පැමිණ ඉතාමත් සංවේදීව සිය සතුට බෙදා ගත්තේ මෙහෙමයි…

” ආයූබෝවන් මුළු ලංකාවටම.. බොහොම ස්තූතියි… ඉතිං අද දවසේ මිසිස් වර්ල්ඩ් තරගාවලිය පැවැත්වුණා… ඉශාදිට පුළුවන් වුණා අපේ රට ආයෙමත් උඩටම අරගෙන එන්න… මේ වෙනුවෙන් ඉශාදි හුඟාක් මහන්සි වුණා.. ඒ වගේම විශේෂයෙන් මතක් කරලා රුක්මාල් සේනානායකට ස්තූති..ඒ ටීම් එකේ හැමෝටමත්, ඒ වගේම ඉශාදිගේ හස්බන්ඩ්ට ,ඔහු ස්තූති .. ඒ වගේම ඉශාදිගේ ෆැමිලි එකට,නැන්දිට, හෙක්ට අයියට පාතී අක්කාට ස්තූතියි… ඒ වගේම ලංකා ෆනැන්ඩෝට, අපිට හැම අතින්ම උදව් වුණා… ලංකාගේ වීසා එක ගන්නවත් අපිට කවුරුත් උදව් කළේ නැහැ… එහෙම වුණානම් තවත් ඉශාදිව ලෝකයට ලස්සනට පෙන්වන්න තිබුණා…ඉශාදිගේ පාස් පෝට් එක ගන්න එයා සතියක් විතර රස්තියාදු වුණා.. නව රජයකින් හෝ වේවා.. කිසිම කෙනෙක්ගෙන් සපෝට් එකක් හම්බුණේ නැහැ… නැෂනල් කොස්ටියුම් එක ගෙනියන්නවත් අපිට කිසිම සපෝට් එකක් හම්බුණේ නැහැ…මෙතනින් ඉස්සරහට යන ලංකාවේ කිසිම නැශනල් ඩිරෙක්ට කෙනෙක්ටම, හැම කන්ටෙස්ට කෙනෙක්ටම හැමෝටම උදව් කරන්න කියලා ඉල්ලනවා…මොකද හැමෝම ඒ දේවල් කරන්නේ ඒ හැමදේම රට වෙනුවෙන්… ඉතිං ඒ අයට උදව් කරන්න කියලා ඉල්ලනවා…අපි ගොඩාක් උත්සහ කළා අපිට කරන්න පුළුවන් උපරිම දේ කරන්න… අද තියෙන සපෝට් එක ඉශාදි එයා පෝර්ට් එකෙන් යනකොට තිබුණේ නැහැ.. එයා යන දවසේ දහදෙනෙකුවත් හිටියේ නැහැ… ඒ සපෝට් එක තිබුණා නම් අනිවාර්‍යෙන්ම ක්‍රවුන් එක අරගෙනම එන්න තිබුණා…ඒ වගේම ඇඳුම් දීපූ අයව මතක් කරන්න ඕනී.. ජුවලරි, ඇඳුම්,ශූස්,ඒවා දීපූ ඩිසයින් කරපු ඩිසයිනස්ලා හැම දෙනෙකුටම ගොඩාක් ස්තූති කරනවා…

මේ අයුරින් ඔවුන් දෙදෙනා හැමෝටම ස්තූති කළා… විශේෂයෙන්ම චන්දිමාල් මේ වෙලාවේ පියුමි හංසමාලිට ස්තූති කළා ඔහුගේත් රෝසි සේනානායකගේ සහ එම කණ්ඩායමේ එයාර් ටිකට්ස් අරන් දීම ගැන… යාලුවෙක් විදිහට චන්දිමාල්ට ඇය ලබා දෙන සහයෝගය ගැන කදුළු පිරුණු ඇස්වලින් ඔහු ස්තූති කළා..

ඒ වගේම වීඩියෝ ලයිව් එකේදී , Ishadi විශේෂයෙන්ම යුරේනිට තුති පිදුවා…ඇදුම් පැළඳුම් දීලා ඇයව කිසිමදාක දැකලා නැතුව වුණත් මේ තරඟයට එන්න ලබා දීපු සහයෝගය ගැන…

Ishadi ගොඩක් කැප කිරීම් කරලා මේ තරඟයට ආපු කෙනෙක්… මමවත් ඉශාදිවත් නෙමෙයි අද දින්නේ… අද දින්නේ ලංකාව… ඉතිං ඒ නිසා ලංකාව කියන හැඟීමෙන් කටයුතු කරන්න… මාත් එක්ක තියෙන පෞද්ගලික ඇරියස් රට වෙනුවෙන් කරන කෙනාගෙන් අරගන්න එපා…
ඒ වගේම චන්දිමාල් මතක් කළා මීට පෙර මේ තරඟයට කළු පැල්ලමල් එකතු කරපු අය නිසා මේ තරඟයට සිදුවුණු දේවල් ගැන… ඒ වගේම ඔහු Ishadiට ස්තූති කළා.. සමහර අය නැති කරලා ගියපු තැන Ishadi හදපු එක ගැන හිතලා…

ඒ වගේම චන්දිමාල් ඉතාමත් සංවේදි වෙමින් මේ අවස්තාවේදී ඔහුගේ සිහිනයක් ගැන පැවසුවා..

” මං පොරොන්දුවක් වෙනවා.. මැරෙන්න කළින් ලංකාවට ඒ ක්‍රවුන් එක ගේනවා…”

එහෙම තමයි සුන්දර Ishadi එක්ක ෆේස් බුක් ලයිව් එකට ආපු චන්දිමාල් ප්‍රකාශ කළේ

Copied

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports