අවුරුදු ගාණකට කලින් කොල්ලෝ පිස්සු වට්ටපු ඇගේ ඒ බැල්ම මතකද..? මෙන්න එයා ගැන ඇසෙන අලුත්ම ආරංචිය…

අවුරුදු හතකට කලින් ඇහැක් ගහලා ලෝකම පිස්සු වට්ටපු ප්‍රියා ප්‍රකාශ් වාරියාර් දැන් යෞවනියක්.. එකම චිත්‍රපටයකින් ඇය ලබාගත් ආකර්ශනය ගැන නම් වචනයෙන් කියන්න බැරි තරම්.. යන්තම්..

අවුරුදු හතකට කලින් ඇහැක් ගහලා ලෝකම පිස්සු වට්ටපු ප්‍රියා ප්‍රකාශ් වාරියාර් දැන් යෞවනියක්..

එකම චිත්‍රපටයකින් ඇය ලබාගත් ආකර්ශනය ගැන නම් වචනයෙන් කියන්න බැරි තරම්..

යන්තම් වයස අවුරුදු 18ක් විතර වුණු කේරළ කෙල්ලෙක් 2018 අවුරුද්දේ එක රැයින් මුළු ලෝකෙ පුරාම ජනප්‍රිය වුණා…

ඒ පුංචි වීඩියෝ ක්ලිප් එකක් සුළු මොහතකින් හිතාගන්න බැරි විදියට වෛරල් වෙන්න පටන් ගත් නිසා… ඒක 2019 වසරේ තිරගත වූ Oru Adaar Love නම් මලයාලම් චිත්‍රපටයේ ටිසරයේ පුංචි කොටසක්… එය ඒ තරම් වේගයෙන් වෛරල් වුණේ ප්‍රියා ප්‍රකාශ් වාරියර් නම් එවකට කිසිවකු දැන නොසිටි සුරූපි පුංචි කෙල්ල නිසා… නව යොවුන් වියේ තරුණියකගේ හිතක් ඇතුළේ මෝරාගෙන එන ප්‍රේමය ප්‍රකාශ කිරීමක් එම ටීසරයට ඇතුළත් වුණා… ප්‍රියාට කරන්න තිබුණේ ඇහැක් ගහන එක විතරයි…

ඇය එය කොයි තරම් තාත්වික ලෙස එය නිරූපනය කරාද කියනවා නම් අපිට දැනුණේ අපට ඇහැක් ගැහුවා වගේ… ඉතින් ඒ සීන් එක මිනිස්සු හොය හොය බලන්න පටන් ගත්තා පිස්සුවෙන් වගේ…

එම දර්ශනය සමඟ ඇය සමාජ මාධ්‍යවල සුළි කුණාටුවක් බවට පත් වුණේ එක රැයකින් ඉන්දියාවේ ජාතික ක්‍රෂ් එක බවට පත් කරමිනි…

ඒ සමඟ ගූගල් හි වැඩිම සෙවූ පුද්ගලයා බවට ද ඇය පත් වුණා…

එහි ඇගේ පාසල් සිසුවියගේ චරිතය ජනාදරයට පත් වුණා විතරක් නෙවෙයි ඇගේ ෆලෝවර්ස්ලා එවකට බොලිවුඩයේ ප්‍රසිද්ධම තරු කිහිපයක් අභිබවා ගොස් තිබුණා…

2019 වසරේ තිරගත වූ Oru Adaar Love නම් මලයාලම් චිත්‍රපටයේ රඟපාන විට ඇගේ වයස යන්‍තම් අවුරුදු 18ක් පමණයි…

මේ වන විට ඒ ප්‍රියා වයස අවුරුදු 25ක තරුණියක්… ඇගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා ප්‍රමාණය දැන් මිලියන 7ක් ඉක්මවා ගොස් තිබෙනවා…

කොහොමහරි මේ වන විට එයට වසර හතක් ගත වෙලා ඉවරයි… ඒ ප්‍රියා ප්‍රකාශ් වාරියර්ට ඊට පස්සේ මොකද වුණේ? ඇය ඉන්පසු මලයාලම් සිනමාවෙන් ඔබ්බට බොලිවුඩයද ආක්‍රමණය කළා…

ප්‍රියා 4 Years, Ishq, Sridevi Bungalow, Check and Bro වැනි දකුණු ඉන්දියානු චිත්‍රපටවලින් පසු 2024 දී Yaariyan 2 සමඟ බොලිවුඩයට පැමිණියා…

මේ අතර, ප්‍රියා, රන්බීර් කපූර් සමඟ ඉදිරියේදී තිරගත වීමට නියමිත දැවැන්ත චිත්‍රපටයක් වන රාමායණයෙන් දැකගත හැකියි..

Nitesh Tiwari විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ සායි පල්ලවී ප්‍රධාන භූමිකාවක් ඉටු කරනවා…

ඊට අමතරව, ඇගේ කන්නඩ චිත්‍රපටයක් වන Vishnu Priya 2025 පෙබරවාරි 21 වන දින සිනමාහල්වල නිකුත් කිරීමට සූදානම්…

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports