රේල් පාරේ අලි හිටියොත් රියදුරුට එස්.එම්.එස් එකක්… දුම්රියේ අලි හැප්පීම වලක්වන්න 10 වසරේ ටුමිරගෙන් අලුත් ගැජට් එකක්..!

උපකරණය වැඩිදියුණු කර ගන්න වගකිවයුතු අය මැදිහත් වෙන්න දුම්රිය මාර්ග හරහා අලි ගමන් කිරීම හේතුවෙන් මේ වන විටත් දුම්රියවල ගැටී අලි සම්පත අකාලයේ විනාශ වෙමින්..

උපකරණය වැඩිදියුණු කර ගන්න වගකිවයුතු අය මැදිහත් වෙන්න

දුම්රිය මාර්ග හරහා අලි ගමන් කිරීම හේතුවෙන් මේ වන විටත් දුම්රියවල ගැටී අලි සම්පත අකාලයේ විනාශ වෙමින් පවතින අවධියක අලි සම්පත එකී ව්‍යසනයෙන් මුදා ගැනීමේ අරමුණින් උපකරණයක් සැකසූ ශිෂ්‍යයකු පිළිබඳව තොරතුරු සැලවී අපි ඔහු සොයා ගියෙමු.

වරකාපොළ, නෙළුන්දෙණිය, පහලගම ප්‍රදේශයේ පදිංචි ඔහු නමින් ටුමිර රන්තරු දෙව්මිත් රණතුංග ය. වයස අවුරුදු 14 කි. තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ටුමිර රන්තරු මේ වන විට අලින් දුම්රියවල හැප්පීම වැළැක්වීම සඳහා උපකරණයක් සකසා ඇත. මෙම උපකරණය දුම්රිය මාර්ගය දෙපස සවිකර එම උපකරණය මගින් අලියා නිශ්චිතවම හඳුනාගෙන දුම්රිය රියැදුරුට එස්.එම්.එස් පණිවිඩයක් මගින් දුම්රිය මාර්ගයේ අලියකු සිටින බව දන්වා යැවීම සිදුකරන බව ටුමිර රන්තරු පවසයි.

මෙම උපකරණය තුළ සවිකර ඇති කැමරාවෙන් අලියා නිශ්චිතවම හඳුනා ගැනීමෙන් අනතුරුව මෙහි ඇතුළත් කර ඇති අදාළ මාර්ගයේ දුම්රිය රියදුරාට එස්.එම්.එස් පණිවිඩයක් මගින් දැනුවත් කරන අතර රියැදුරු සිදුවීමට යන හානිය වළක්වා ගැනීමට පියවර ගතයුතුය.

මොහු මේ වන විටත් නව නිපැයුම් ගණනාවක් කර ඇත. රිළව් පැන්නීමේ උපකරණයක්, අන්ධ පුද්ගලයන් සඳහා ස්මාර්ට් සන්ග්ලාස් එකක් සහ ස්ටික් එකක් ද සකසා ඇත. ඒවා තරගවලට ඉදිරිපත් කර ත්‍යාග හා සහතික ද ලබා තබේ.

මෙවැනි උපකරණ සැකසීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට විශාල මුදලක් වැයවන බැවින් මෙය වැඩිදියුණු කර ගැනීමට රජය හෝ පරිත්‍යාගශීලීන් මැදිහත්වී උදව් උපකාර කරන්නේ නම් එය තමාට මහත් පිටිවහලක් වන බව ටුමිර රන්තරු පැවසීය.

වරකාපොළ අතිරේක – වසන්ත කුමාර මාපා – විශේෂ සරත් ආනන්ද ලියනගේ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports