මොනවා.. සුපිරි නළු විජේ දේශපාලන වාසි ගන්න මුස්ලිම් ආගම වැලදගෙනද ?

ලෝක ප්‍රකට දමිළ නළු, දේශපාලනඥ තලපති විජේ ඉස්ලාම් ආගම වැළඳගෙන ඇති බව කියන පුවතකට පහුගිය ටිකේ තටු ලැබිලා තිබුණා.

නිකන්ම නෙවෙයි, ඒ අන්තර්ජාලය පුරාම හුවමාරු වන ඡායාරූප සහ වීඩියෝ කිහිපයක්ම එක්ක.

ඒ ඡායාරූපවලට අනුව, විජේ ඉන්නෙ මුස්ලිම් ජාතිකයෙක් හැටියට සැරසීගෙන ඉස්ලාම් ආගමික වතාවත්වල නියැලෙමින්.

ඉතින් මේ ඡායාරූප සමාජ මාධ්‍යවල පැතිරෙන්න ගත්තෙ ‘තලපති විජේ ඉස්ලාම් ආගමට හැරුණු බවක්’ හැඟවෙන ආකාරයට.

කොහොම නමුත් මේ කතාවේ ඇත්ත නැත්ත ගැන හොයලා බැලුවාම අනාවරණය වුණේ, අදාළ ඡායාරූප එකතුව සහ වීඩියෝපට තමිල්නාඩුවේ චෙන්නායි හි ඉෆ්තාර් උත්සවයක් අතරතුර ලබාගත් ඒවා වන බව.

ඡායාරූප එකතුව තවත් විශේෂ වෙන්නෙ, මේවා මෙයාකාරයෙන් හුවමාරු වෙන්නෙ විජේ දේශපාලනට පිවිස තමිලගා වෙට්‍රි කසාගම් (TVK) පක්ෂය දියත් කරමින් නිල වශයෙන් දේශපාලනයට පිවිසීමත් සමඟ වීම නිසාවෙන්.

කොහොම නමුත් විජේ මෙයාකාරයෙන් ඉස්ලාම් භක්තිකයෙක් සේ සැරසීම සරල කාරණයක් වෙලත් නෑ.

මොකද ඊට එරෙහිව ‘තමිල්නාඩු සුන්නත් ජමාත්’ හි සයිඩ් ගවුස් විසින් පොලිස් පැමිණිල්ලක් ද මේ වන විට ගොනුකර අවසන්.

ඒ, මුස්ලිම්වරුන්ට අපහාස කළ බවට වන චෝදනාව මත. මෙම උත්සවය ‘මුස්ලිම් ප්‍රජාවගේ ගෞරවයට කළ විශාල හානියක් බව‍යි’ ඉන් කියවෙන්නෙ. එහෙමත් නැත්නම් ‘ආගමික හැඟීම් රිදවීම’ මතයි විජේට මෙයාකාරයෙන් පැමිණිල්ලක් ගොනුව ඇත්තෙ.

අදාළ පැමිණිල්ලෙහි සඳහන් වන්නෙ, උපවාසයට හෝ ඉස්ලාමීය පිළිවෙත්වලට කිසිසේත්ම සම්බන්ධ නැති පුද්ගලයින්, “බේබද්දන්” ඇතුළු පිරිසක් ඊට සහභාගීව ඉෆ්තාර්හි පාරිශුද්ධත්වයට අපහාස කළ බව.

ඒ විතරක් නෙවෙයි, විජේගේ ආරක්ෂකයින් එහි රැස්ව සිටි මිනිසුන්ට සතුන්ට සේ සැලකූ බවටත් චෝදනා එල්ලව තිබෙනවා.

මෙම උත්සවය වෙනුවෙන් නිසි විධිවිධාන සකස් කිරීමට විජේ අපොහොසත් වූ බවයි ඒ සෑම චෝදනාවකින්ම කියවෙන්නෙ.

ඒ වගේම මෙම දුර්වල සැලසුම් හමුවේ, බොහෝ සහභාගිවන්නන් පානීය ජලය නොමැතිව සිටි බවත්, සමහරු විජලනයෙන් ක්ලාන්ත වූ බවටත් වාර්තා වනවා.

මේ අවස්ථාවේදී විතරක් නෙවෙයි, විජේගේ පළමු දේශපාලන රැළිය අතරතුරදීත් එවැනිම වාතාවරණයක් පැවති බවයි වාර්තා වන්නෙ.

ඉතින්, මේ සිදුවීම් එක්ක මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා වෙනුවෙන්වත් විජේට ගරුත්වයක් නෑ කියන චෝදනාව ප්‍රබලව එල්ල වනවා.

එක අතකින් එය විජේගේ දේශපාලන ගමනටත් විශාල පහරක් එල්ල කර ඇති බව නොරහසක්.

කොහොම නමුත්, ඉෆ්තාර් උත්සවයේදී සිදු වූ බව කියන වැරදි කළමනාකරණය සම්බන්ධයෙන් විජේ කිසිදු පසුතැවිල්ලක් දක්වා නැති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව බොහෝ පිරිසකගෙ නිගමනය වෙලා තියෙන්නෙ, විජේගේ මේ ක්‍රියාව ඉස්ලාමීය සම්ප්‍රදායන් කෙරෙහි සැබෑ ගෞරවයකින් මෙහෙයවනු ලැබූවක් නොව හුදෙක් දේශපාලනික ක්‍රියාකලාපයක් වන බව.

විජේගේ ක්‍රියාකලාපය සම්බන්ධව, ‘තමිල්නාඩු සුන්නත් ජමාත්’ හි සයිඩ් ගවුස් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්,

“ඉෆ්තාර් උත්සවයේ කණගාටු විය යුතු සිදුවීම් තිබියදීත්, විජේ කිසිදු කණගාටුවක් ප්‍රකාශ කළේ හෝ වගකීම භාර ගත්තේ නැත.
මෙය ඔහු ආගමික හැඟීම්වලට සැබවින්ම ගරු කරනවාද නැතහොත් ඔහුගේ සහභාගීත්වය හුදෙක් දේශපාලන වාසි සඳහා ද යන්න පිළිබඳව බරපතල ප්‍රශ්න මතු කරයි.
උත්සවයේදී මිනිසුන්ට ගවයන්ට මෙන් සැලකුවා. විජයගේ විදේශීය ආරක්ෂකයින් සමූහය අමානුෂික ලෙස හැසිරුණු අතර, මානව ගරුත්වය නොමැති බව පෙන්නුම් කළා.
එවැනි හැසිරීම් ඉවසිය නොහැකියි. මෙය නැවත සිදුවීම වැළැක්වීමට පියවර ගත යුතුයි.
අපි පැමිණිල්ලක් ගොනු කරන්නේ ප්‍රසිද්ධිය සඳහා නොවේ.
එවැනි සිදුවීම් නැවත සිදු නොවන බව සහතික කිරීම සඳහායි.
විජේ මුස්ලිම් ප්‍රජාවට අපහාස කිරීම වෙනුවෙන් නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණ දිය යුතුය…’‘

  • Related Posts

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ඉරාන යුද්ධයට සටන්විරාමයක් ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුද ගැටුම් අවසන් කිරීමේ සටන්විරාම යෝජනාවක් සම්බන්ධව දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා…

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    දකුණු ඉන්දීය සිනමාවේ ආදරණීයම යුවළක් වන රශ්මිකා මන්දනා සහ විජේ දේවරකොන්ඩා ගැන මුළු ලෝකයම ආයෙත් කතා වෙන්න පටන් අරන්. ඒකට හේතුව තමයි ඔවුන්ගේ විවාහයෙන් හරියටම දින 39ක් සම්පූර්ණ වෙද්දී රශ්මිකා…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 36 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 511 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 108 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 690 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 88 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 990 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…