පාස්ටර් ජෙරොම් සහ පල්ලිය අතර කුරුස යුද්ධයක්

ජනතාව නොමඟ යවන ඇතැම් දේවගැතිවරුන්ගේ ක්‍රියාකලාපයට එරෙහිව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රකාශ එළියට එනඅතරතුර දේවගැතිවරයෙකු ලෙස පෙනී සිටින ජෙරොම් ෆ්‍රනෑන්ඩු ඔහුගේ මුහුණු පොතේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..

ජනතාව නොමඟ යවන ඇතැම් දේවගැතිවරුන්ගේ ක්‍රියාකලාපයට එරෙහිව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රකාශ එළියට එනඅතරතුර දේවගැතිවරයෙකු ලෙස පෙනී සිටින ජෙරොම් ෆ්‍රනෑන්ඩු ඔහුගේ මුහුණු පොතේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

එය ඔහුගේ ළමා කාලයේ නත්තල් සම්ප්‍රදායන් පිළිබඳ නොස්‍ටැල්ජියානු සිහිපත් කිරීමක් ලෙස ඉදිරිපත් කළත් එය වක්‍රාකාරයෙන් කාදිනල්හිමියන්ට සිදු කළ අපහාසයක් ලෙස සැලකිය හැකිය.

අනුව ඔහු අතීතයේ උත්සව කාලවලට සිමෙන්ති ඇතිරූ ගෙවල්වල බිම ආලේප කරනු ලබන ‘Cardinal’ නම් සන්නාමය යොදා ගනිමින්කාඩිනල් බිමට ගොඩක් හොඳයි‘‍ යනුවෙන් පවසා තියෙනවා.

එම සටහන මෙසේය.

නත්තල් සමය මට නොස්ටැල්ජික් මතකයන් ගෙන එයි. මගේ අම්මා බොහෝ විට නත්තල් සමයේදී මෙම වෙළඳ නාමය භාවිතා කර අපේගෙදර බිම ඔප දමනවා. එය බිමට හොඳයි. මම මගේ මවගේ බුරුසුව මතට පැනීමට එය අවස්ථාවක් කරගන්නවා. මගේ ආදරණීය අම්මාකිසිදා නතර නොවනු ඇතැයි මම බලාපොරොත්තු වුණත් ටික වෙලාවකින් මම ඇයව වෙහෙසට පත් කරනවා. මෙම නත්තල් සමය ඔබටත්ඔබේ පවුලේ අයටත් අනාගතය සඳහා දිගුකාලීන සුන්දර මතකයන් ගෙන එනු ඇත

පසුගිය දිනක කටුනායක මිරකල් ඩෝම් පරිශ්‍රයේ පැවති උත්සවයකදී ජෙරොම් ප්‍රනාන්දු මහතා රදගුරු පදවියට පත් වීම ආන්දෝලනාත්මක වුණා.

කෙසේ වෙතත්, ආගමික දේශනයකදී කාදිනල් හිමියන් චෝදනා කරමින් කියා සිටියේ රදගුරුවරුන් යැයි කියා ගන්නා අය ජනතාව නොමඟයැවීමේ ව්‍යාපෘතියක නිරත වන බවය.

නරකම දේ රදගුරු බව කියන මේ පුද්ගලයාගේ ගොදුර බවට උගත් ධනවත් පුද්ගලයන් පත් වීමයි. “මොහු හොර ජාවාරමක් කරගෙනයනවා. විතරක් නෙවෙයි අන්‍ය ආගමික කණ්ඩායම්වලට අපහාස කිරීමේ ව්‍යාපාරයකුත් කරගෙන යනවා. මෑතකදි  ඔහු බෞද්ධ භික්ෂූන්වහන්සේ නමකට සමාන ලෙස සිවුරු පෙරවු පුද්ගලයෙකු ගෙන බෞද්ධයන් අමනාප කිරීමට උත්සාහ කළ අතර එහිදී ඔහුව සුව කිරීමටඋත්සාහ කරන බව පෙන්වමින් ආගමික අසමගිය ඇති කිරීමේ මෙවලමක් බවට පත්ව තියෙනවායැයි කාදිනල් හිමියන් එහිදී සඳහන්කළා.

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා කතෝලික සභාවේ රදගුරුවරයෙකු නොවන බවත්, එබැවින් එහි පල්ලියේ සාමාජිකයන් නොරැවටිය යුතුබවත් ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සම්මේලනය මීට පෙර නිවේදනය කර තිබුණා.

Lakvahini

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports