පවුල් පිටින් ඇවිත් සංදර්ශන දාපු නාමල්ලා වගේ නොවේ විජිත තනිව ඇවිත් වැඩ භාරගත් හැටි

පසුගිය දා නිමාට පත් වූ මහමැතිවරණයත් සමඟ රටේ විවිධ අංශ වල වෙනස්කම් සම්බන්ධයෙන් ජනතාව අතර විවිධ මතවාද පැතිර යමින් ඇත. ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තුවෙන් සිය ඡන්දය..

පසුගිය දා නිමාට පත් වූ මහමැතිවරණයත් සමඟ රටේ විවිධ අංශ වල වෙනස්කම් සම්බන්ධයෙන් ජනතාව අතර විවිධ මතවාද පැතිර යමින් ඇත. ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තුවෙන් සිය ඡන්දය භාවිතා කළ මහජනතාව මේ වන විට අපේක්ෂා දල්වා ගෙන බලා සිටියි. මින් පෙර පැවති ලෙස නොව සෑම දෙයක්ම වෙනස්ව ඇති අතරම, ජයග්‍රහණය පවා උත්කර්ෂයට නොගෙන උත්සව වලින් තොරව සාමකාමී වටපිටාවක් පවත්වාගෙන යන්නට ජාතික ජන බලවේගයේ මහජන නියෝජිතයින් කටයුතු කරනු දැකීම ඉතා අගනේය.

කෙසේ නමුත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් ‍ඊයේ (18) විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති චාම් උත්සවයකදී සිය ධුරයේ වැඩ භාර ගත් අවස්ථාවට අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් පමණක් එක්ව සිටිනු දක්නට ලැබිණි.

ඊයේ දින දිවුරුම් දී ඊයේම වැඩ භාරගැනීම මෙන්ම මෙතරම් ඉහළ වාර්තාගත මනාප ජයග්‍රහණයකින් පසුව (මෙතෙක් ඉතිහාසයේ ලැබූ වැඩිම මනාප) පවුලේ අය කිසිවෙක් රැගෙන නොඇවිත් කිසිදු උත්සවයකින් තොරව වැඩ භාරගැනීම මෙතෙක් පැවති ක්‍රමයේ සුවිශේෂී වෙනසක් පෙන්වයි.

මින් ඉහත ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ වැඩ බාරගත් අවස්ථාව විශේෂ උත්සවයක් ලෙස සැමරූ අතර බැනර්, කටවුට් සහිතව ප්‍රචාරණයන් පැවති එම අවස්ථාවට නාමල්ගේ මව, බිරිය ඇතුළු පවුලේ බොහෝ පිරිස් එක්වී සිටියහ. එය නාමල්ට පමණක් නොව පෙර අවස්ථා වල‍ බොහෝ ඇමතිවරුන් අනුගමනය කලේ එම ක්‍රමය බව මහජනතාවට මතකය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports