දේශීය පුවත්

කාවන්තිස්සට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් පස්දෙනෙක් අත්අඩංගුවට…

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගත් බව පරිසර අමාත්‍යංශය නිවේදනය කරනවා.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සහ පොලිස් නිලධාරීන් එක්ව දියත් කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලිකව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමට සෘජුවම සම්බන්ධ බවට මේ වන විට විමර්ශන මඟින් අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වනජීවී නිලධාරීන් සහ ගල්ගමුව පොලීසිය එක්ව දැඩි ලෙස ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීමට භාවිත කළ ගිනිඅවි සහ වන සතුන් ඉලක්ක කරගත් සංවිධානාත්මක ජාවාරම් ජාලයක් ක්‍රියාත්මක වූයේද යන්න පිළිබඳව ඉදිරි විමර්ශන පුළුල් කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button