පෘථිවියේ දේශගුණික තුලිතතාවය බිඳවැටෙයි.. ඔවුන් හෙළි කළ ඒ විශේෂ කතාව මෙන්න..?

මේ කියන්න යන්නේ තවත් එක් විශේෂ කතාවක්. ඔබ දන්නවාද ඔබ ජීවත්වෙන්නේ මෙන්න මේ වගේ අවදානමක කියන එක..

ලෝක ඉතිහාසයේ වාර්තා වී ඇති දරුණුතම දේශගුණික අසමතුලිතතාවයට පෘථිවිය මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) අනතුරු අඟවනවා.

කාබන් ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් පෘථිවිය මුදාහරින තාපයට වඩා වැඩි තාප ප්‍රමාණයක් උරාගැනීම මෙයට ප්‍රධාන හේතුව බව සඳහන්.

මෙම “ශක්ති අසමතුලිතතාවය” (Energy Imbalance) හේතුවෙන් පසුගිය වසරේ සාගර උණුසුම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර පෘථිවියේ අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතිනවා.

මේ වසරේ අගභාගයේදී ආරම්භ වීමට නියමිත “එල් නිනෝ” (El Niño) ස්වභාවික උණුසුම් අවධියත් සමඟ ඉදිරියේදී උණුසුම තවත් දරුණු ලෙස ඉහළ යා හැකි බවටයි විද්‍යාඥයෝ මත පල කරන්නේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ පෘථිවිය සිය සීමාවන් ඉක්මවා ගොස් ඇති බවයි.

1850 වසරේ සිට වාර්තා වූ උණුසුම්ම වසර 11 ම පසුගිය වසර 11 තුළ වාර්තා වී ඇති අතර, 2025 වසරේ ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය පූර්ව කාර්මික යුගයට වඩා සෙල්සියස් අංශක 1.43 කින් ඉහළ ගොස් තිබෙන බව සඳහන්.

එබැවින් දේශගුණික ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා වහාම පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් වී පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවන ලෙසයි ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ.

  • Related Posts

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    අද විපක්ෂය හැසිරෙන්නේ ඔටුන්න කුණු කාණුවක් දිගේ ඇවිත් හරි ඔලුවට වැටෙයි ඇතැයි සිතා බවත් ඔවුන් රටට ම විපතක්, සාපයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඔහු මේ…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    වත්මන් රජයේ කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි. අමාත්‍යවරයාගේ මෙම නිවස නිශ්ශංක සේනාධිපති විසින්…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 36 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 545 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 117 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 696 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 88 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 997 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…