දිළිඳු ජනතාවට තැනූ නිවාස ගෝඨා – ශිරන්ති හිතවතුන්ට දීලා..

නිවාස සංවර්ධන අධිකාරිය මඟින් කොළඹ, බ්ලූමැන්ඩල් වතු නිවාස හිමියන් හා කොළඹ අඩු ආදායම් ජනතාව සඳහා ඉදි කරන ලද ‘සිරිසඳ’ නිවාස ව්‍යාපෘතියේ නිවාස 22ක්, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ හා හිටපු නීතිපති මොහාන් පීරිස්ගේ ඉල්ලීම් අනුව දේශපාලන හිතවතුන්ට දී ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

රජයට පාඩුවක් කර, තවත් පිරිසකට ලාබයක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිරිසඳ නිවාස ව්‍යාපෘතියේ නාගරික සංවර්ධන පුනර්ජනනීය වැඩසටහන් අධ්‍යක්ෂ විශ්‍රාමික බ්‍රිගේඩියර් රංජිත් සමරසිංහ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ කොමිසම මේ බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම වෙත දැනුම් දී තිබේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම මෙහිදී පවසා තිබුණේ දිළිඳු ජනතාවට බෙදාදීමට තිබූ නිවාස 366න් 22ක් මෙසේ හිතවතුන්ට බෙදා දී ඇති බවයි.

රුපියල් කෝටි 39කට අධික මුදලක් වැය කර ඉදි කළ මේ නිවාස සංකීර්ණයේ නිවාස මෙලෙස 2014 වසරේ ලබා දී ඇති බවත්, මෙමඟින් රජයට පාඩුවක් සිදු වීම හා දූෂණය නම් වරද සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බවත් කොමිසම පෙන්වා දී ඇත. මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමසා ඇත්තේ මේ පුද්ගලයන් අදාළ නිවාසවල පදිංචි වී සිටින්නේද යනුවෙනි.

ඊට ප්‍රතිචාර දක්වමින් අල්ලස් කොමිසම නිවාස 4ක පුද්ගලයන් පදිංචිව නැති බව පවසා ඇත. ඇතැම් නිවාස කුලියට දී ඇති බවද එහිදී සඳහන් කර තිබේ.

  • Related Posts

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු වන ‘දෙහි බාලේ මල්ලි’ හෙවත් පටබැඳි මද්දුමාගේ ෂෙහාන් සත්සර නැමැත්තා, සිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් එරට මුහුදේ සුඛෝපභෝගී නෞකාවක ඉහළ…

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    අද විපක්ෂය හැසිරෙන්නේ ඔටුන්න කුණු කාණුවක් දිගේ ඇවිත් හරි ඔලුවට වැටෙයි ඇතැයි සිතා බවත් ඔවුන් රටට ම විපතක්, සාපයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඔහු මේ…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 278 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 80 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 818 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 170 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 813 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 100 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….