ලොවපුරා ළමා හා වැඩිහිටියන් අතර එකසේ ජනප්‍රිය Harry Potter පොත් මාලාව ඔස්සේ නිෂ්පාදනය වන මේ වන විට ලොව වඩාත්ම බලාපොරොත්තු සහගත කතා මාලාව ලෙසෙ එළිදැක්වෙන Harry Potter රූපවාහිනි කතාමාලාවේ පළමු පූර්ව ප්‍රචාරක පඨය අන්තර්ජාලයට ඔස්සේ නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මේ වසරේ (2026) දෙසැම්බර් මාසයේදී HBO Max ස්ට්‍රීමින් සේවාව ඔස්සේ ප්‍රේක්ෂකයන්ට මෙය නැරඹීමට අවස්ථාව හිමිවෙනවා.
මෙය පෙර චිත්‍රපටවලට වඩා මෙම කතාමාලාව විස්තරාත්මකව පෙන්වීමට බලාපොරොත්තුවන බවයි සඳහන් වන්නේ.
මෙම මාලාව HBO Max ඉතිහාසයේ විශාලතම streaming event එකක් වන බවට ඔවුන් අපේක්ෂා කරනවා.
පෙර චිත්‍රපටවල Harry ලෙස රංගනය කළ Daniel Radcliffe ද නව නළුවන් පිළිබඳ විශ්වාසය පළ කර තිබෙනවා.
තවද අල්බස් ඩම්බල්ඩෝර් ලෙස John Lithgow, මිනර්වා මැක්ගොනගල් ලෙස Janet McTeer ද, සෙවරුස් ස්නේප් ලෙස Paapa Essiedu ද, රුබියස් හැග්රිඩ් Nick Frost ද මෙම කතාමාලාවට රංගනයෙන් දායකවීමට නියමිත අතර වොල්ඩර්මෝට් චරිතය තවමත් රහසිගතව තබා ගැනීමට ස්ටූඩියෝව කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත් සෙවරස් ස්නේප් ලෙස රංගනයේ යෙදෙන Paapa Essiedu කලු ජාතිකයෙක් වීම නිසා, J.K. Rowling විසින් harry potter කෘති මාලාවේ හඳුන්වන පෙනුමෙට ඔහු පරස්පර වීම නිසාවෙන් බොහෝ පාඨකයන් මෙන්ම ප්‍රේක්ෂකයන් ඔහුට විරුද්ධව අදහස් දක්වා ඇති අතර ඔහුට එම චරිතය රඟ නොපාන ලෙස මරණ තර්ජන පවා සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.







