ඊශ්‍රායල හමුදාවට සෙබළුන් හිඟයක්: අභ්‍යන්තර බිඳවැටීමේ අනතුරු ඇඟවීමක්”

මැද පෙරදිග යුද්ධය මධ්‍යයේ ‘සෙබළුන්ගේ හිඟයක්’ හේතුවෙන් ඊශ්‍රායල හමුදාව ‘තමන්ගේ අභ්‍යන්තරයෙන් ම බිඳ වැටිය හැකි’ බව ඊශ්‍රායල ආරක්ෂක බළකායේ මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් එයල් සාමීර් අනතුරු අඟවා ඇතැයි ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත් සේවය වාර්තා කරයි.

ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් හමුවේදී ඔහු මේ පිළිබඳව සඳහන් කර ඇත.

ඊශ්‍රායල හමුදා මූලාශ්‍ර උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ගාසා තීරය, ලෙබනනය, සිරියාව ඇතුළු එකවර කලාප කිහිපයක යුද්ධය ක්‍රියාත්මක වීම හේතුවෙන් ප්‍රමාණවත් තරම් භට පිරිස් ඊශ්‍රායලයට නොමැති බව ත් ය.

ඊශ්‍රායල ආරක්ෂක බලකායේ මාණ්ඩලික ප්‍රධානීයා තවදුරටත් පවසා ඇත්තේ, සොල්දාදුවන් දීර්ඝ කාලයක් සේවයේ තබා ගැනීම සඳහා නව නීති සම්පාදනය කළ යුතු බව ත් එසේ නොවුවහොත්, ඊශ්‍රායල හමුදාවට නිසි ලෙස කටයුතු කිරීමට නොහැකි වී පද්ධතිය බිඳ වැටෙනු ඇති බව ත් ය.

කෙසේ වෙතත්, ආරක්ෂාව හොඳින් හසුරුවා නොගැනීම සහ ප්‍රමාණවත් පුද්ගලයින් බඳවා නොගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායකයින් රජයට දොස් පවරා ඇතැයි ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත් සේවය වාර්තා කර ඇත.

මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල රජය පවසන්නේ, මෙය නීතිමය ප්‍රශ්නයක් මිස ඊශ්‍රායල හමුදාවේ අසාර්ථකත්වය නොවන බව ත් ය.

  • Related Posts

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ඉරාන යුද්ධයට සටන්විරාමයක් ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුද ගැටුම් අවසන් කිරීමේ සටන්විරාම යෝජනාවක් සම්බන්ධව දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා…

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    දකුණු ඉන්දීය සිනමාවේ ආදරණීයම යුවළක් වන රශ්මිකා මන්දනා සහ විජේ දේවරකොන්ඩා ගැන මුළු ලෝකයම ආයෙත් කතා වෙන්න පටන් අරන්. ඒකට හේතුව තමයි ඔවුන්ගේ විවාහයෙන් හරියටම දින 39ක් සම්පූර්ණ වෙද්දී රශ්මිකා…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 3 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 300 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 83 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 818 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 170 views

    • 813 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්