ඉන්දියාවේ කො.න්ඩ.ම් කර්මාන්තයටත් පහරක්?

අමෙරිකා, ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය හේතුවෙන් ඉන්දියාවේ ගෑස් සැපයුමට සහ ආර්ථිකයට මේ වනවිටත් බලපෑම් එල්ල වී ඇති අතර, දැන් එරට කොන්ඩම් කර්මාන්තය ද දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

නිෂ්පාදනය සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය සැපයුම අඩාල වීම හේතුවෙන් ඉදිරියේදී කොන්ඩම් මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

 

ප්‍රධාන පෙළේ නිෂ්පාදකයින් පවසන්නේ, හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත වෙළෙඳ මාර්ග අවහිර වීම නිසා අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම ප්‍රමාද වී ඇති බවයි.

 

විශේෂයෙන් ලිහිසි ද්‍රව්‍ය ලෙස භාවිත කරන සිලිකන් ඔයිල් (Silicone oil) සපයා ගැනීම දුෂ්කර වී ඇති අතර, කොන්ඩම් ඉරී යාම වැළැක්වීමට යොදාගන්නා ඇන්හයිඩ්‍රස් ඇමෝනියා (Anhydrous ammonia) මිල 40% සිට 50% දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

ඉන්දියාව වසරකට කොන්ඩම් කෝටි 400කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර, එහි වටිනාකම ඩොලර් මිලියන 860ක් (රුපියල් කෝටි 8,000කට වැඩි) පමණ වෙනවා.

 

එහෙත් අමුද්‍රව්‍ය හිඟය සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ මිල ගණන් ඉහළ යා හැකි බව වාර්තා වෙනවා.

 

ලැටෙක්ස් නිෂ්පාදනයට අවශ්‍ය ඇමෝනියා ප්‍රමාණයෙන් 86%ක්ම ගෙන්වනු ලබන්නේ සෞදි අරාබිය, කටාර් සහ ඕමානය යන රටවලින්.

හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින ගැටලුකාරී තත්ත්වය මෙම සැපයුම්වලට සෘජුවම බලපා තිබෙනවා.

 

අමුද්‍රව්‍ය හිඟයට අමතරව ඇසුරුම්කරණය සඳහා යොදාගන්නා ඇලුමිනියම් පත්‍ර (Aluminium foil) සහ PVC මිල ඉහළ යාම ද නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වීමට හේතු වී ඇති බවටයි වාර්තා වෙන්නේ.

 

ඉන්දීය වෛද්‍ය සංගමයේ (IMA) හිටපු සභාපති රජීව් ජයදේවන් පවසා ඇත්තේ, මැදපෙරදිග ගැටුමේ දාම ප්‍රතිඵලයක් ලෙස උපත් පාලන ක්‍රම නිෂ්පාදනයට බාධා එල්ල වී ඇති අතර, මිල ඉහළ යාම සහ හිඟයක් ඇති වීම නොවැලැක්විය හැකි බවයි.

මෙය වඩාත් දැඩි ලෙස බලපාන්නේ අඩු ආදායම්ලාභී ජනතාවට වන අතර, මිල සුළු වශයෙන් හෝ ඉහළ යාම නිසා ඔවුන් කොන්ඩම් භාවිතයෙන් බැහැර වීමට ඉඩ ඇති බව ඔහු පෙන්වා දෙනවා.

මෙහි අතුරු ප්‍රතිඵල ලෙස අනපේක්ෂිත ගැබ් ගැනීම්, මාතෘ සහ ළදරු මරණ අනුපාතිකය ඉහළ යාම මෙන්ම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STI) නැවත ව්‍යාප්ත වීම සිදු විය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

_NDTV_

  • Related Posts

    අද දවසේ ලග්න පලාපල මෙන්න! මේ ලග්න හිමියන්ගේ හීන හැබෑ වන දවසක්! ලග්න පලාපල මෙන්න…

    අද 2026 අප්‍රේල් 06 ,ඉර උදාව: පෙ.ව. 06.07, ඉර බැසීම: ප.ව. 06.20, රාහු කාලය: පෙරවරු 07.38 සිට 09.09 දක්වා (වැදගත් වැඩකටයුතු සඳහා මෙම කාලය මඟ හැරීම සුදුසුයි). මේෂ ලග්නය අද…

    විබෝධ එදිරිසිංහ මෙඩිකල් ෆැකල්ටි එනවා! ජය කොල්ලෝ..

    විබෝධ එදිරිසිංහ මෙඩිකල් ෆැකල්ටි එනවා! ජය කොල්ලෝ.. විබෝධ කියන්නේ වෙනුර එදිරිසිංහගේ, සහෝදරයාගේ පුතා.! කවුද වෙනුර එදිරිසිංහ… අධ්‍යාපන අයිතිය ඇතුලු ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම මත 80 දශකයේදී වෙනුර සහෝදරයාව එවකට…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 34 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 424 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 100 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 676 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 84 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 982 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…