අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද?

මුළු මත්තල ප්‍රදේශයම කඳුළු සාගරයක ගිල්වමින්, 15 හැවිරිදි නිම්සර දෙනුවන් පුතු මෙලොව හැර ගියේ මුළු රටේම දෙනෙත් තෙත් කරවමින්.

පාසලේ විනය රකින්නට කැපවුණු ඒ දක්ෂ ශිෂ්‍ය නායකයා, නොහික්මුණු සිසුවකුගේ අමානුෂික පහරකෑමකට ලක්ව කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 10ක් මරණය සමඟ සටන් කර අවසානයේ පරාජය වුණා.

නිම්සර 11 වසරේ ඉගෙනුම ලැබූ, ගුරු දෙගුරුන්ගේ මෙන්ම ගම්වැසියන්ගේත් නොමඳ ආදරය දිනාගත් දරුවෙක්. පසුගිය 23 වනදා පාසල් විවේක කාලයේදී විනය විරෝධී ක්‍රියාවක යෙදුණු සිසුවකුට අවවාද කරන්නට ගිය අවස්ථාවේදී, 10 වසරේ ඉගෙනුම ලබන සිසුවකු නිම්සර සමඟ ආරවුලක් ඇති කරගෙන තිබෙනවා. මෙය අවසන් වුණේ නිම්සරට එල්ල වූ දරුණු පහරදීමකින්.

සංවේදීම කරුණ නම්, මේ ගැටුම ගැන කිසිවෙකුට නොකියන ලෙස සිසුන් අතර වූ පොරොන්දුව නිසා නිම්සර නිවසට ගොස් මවට පවසා ඇත්තේ තමන් පාසලේදී ඇදවැටුණු බවයි.

නිම්සරගේ මව නදීකා ප්‍රියදර්ශනී පවසන්නේ තම එකම පුතු පළමුවැනි වසරේ සිට 11 වසර දක්වාම පාසලට රැගෙන ගියේත්, ආපසු රැගෙන ආවේත් ඇය විසින්ම බවයි. උපකාරක පන්තිවලට පවා තනිවම නොයවා දෑස් මෙන් රැකබලා ගත් තම පුතුට මෙවැනි අකල් මරණයක් අත් වේවි යැයි ඇය හීනෙකින්වත් නොසිතන්නට ඇති.

“මොන අපරාධයක් කළාටද දෙයියනේ මගේ එකම පුතාට මෙහෙම කළේ? අම්මා නැති වෙලාවක මේ දරුවා කොහොම තනි කරන්නද?”

නිම්සරගේ මවගේ මේ විලාපය අසා සිටි කාගේත් නෙතට කඳුළු උනන්නේ නිතැතින්මයි.

දක්ෂ, අහිංසක සහ ආචාරශීලී දරුවෙකු පාසලට මෙන්ම රටටත් අහිමි කරමින් සිදුකළ මෙම මරණය සම්බන්ධයෙන් වගකිවයුතු සිසුවා මත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට පරිවාස භාරයට පත් කර තිබෙනවා.
  • Related Posts

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    අද විපක්ෂය හැසිරෙන්නේ ඔටුන්න කුණු කාණුවක් දිගේ ඇවිත් හරි ඔලුවට වැටෙයි ඇතැයි සිතා බවත් ඔවුන් රටට ම විපතක්, සාපයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඔහු මේ…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    වත්මන් රජයේ කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි. අමාත්‍යවරයාගේ මෙම නිවස නිශ්ශංක සේනාධිපති විසින්…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 43 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 637 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 132 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 719 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 91 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…

    • By admin
    • April 6, 2026
    • 1024 views
    අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා අහිමි වීම තරම් වේදනාවක් මේ ලෝකේ තවත් තිබේද? මත්තලම හඬවමින් නිම්සර සමුගත් ඒ සංවේදී මොහොත…