හැබැයි මේ උත්සව සිරියාව අස්සේ ඔබේ බැංකු ගිණුමට විදින්න බලාගෙන ඉන්න අන්තර්ජාල හොරු රැළක් ගැන පොලිස් මූලස්ථානයෙන් රතු නිවේදනයක් නිකුත් කරලා තියෙනවා.
වෙනදාට වඩා මේ දවස්වල අන්තර්ජාලය හරහා බඩු මිලදී ගන්න, සල්ලි යවන්න අපි පෙළඹෙන නිසා වංචාකාරයන්ට මේක ලොකු අවස්ථාවක් වෙලා.
දෙපාර්තමේන්තුවට (CID) ලැබුණු පැමිණිලිවල හැටියට, “අවුරුදු තෑගි”, “විශේෂ දීමනා” වගේ ආකර්ෂණීය දේවල් පෙන්නලා සල්ලි ගරන කල්ලියකට ලංකාවේ ගොඩක් දෙනෙක් අහු වෙලා ඉන්නවා. විශේෂයෙන්ම ආර්ථික අපහසුතා තියෙන වෙලාවක “ක්ෂණික ලාභ” පෙන්නලා ඔබව රවට්ටන්න මේ හොරු හරිම දක්ෂයි.
මේ වංචාකාරයෝ පාවිච්චි කරන අලුත්ම සහ භයානකම උපක්‍රමය තමයි ජනතාවගේ විශ්වාසය දිනාගන්න ජනාධිපතිවරයා, අගමැතිවරිය ඇතුළු ඉහළ රජයේ නිලධාරීන්ගේ සහ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ රූප රාමු පවා හොර දැන්වීම්වලට යොදාගැනීම. ඒ විතරක් නෙමෙයි, බැංකුවලින් කතා කරනවා වගේ පෙන්වන ‘Caller ID Spoofing’ ක්‍රමය සහ ව්‍යාජ QR කේත හරහාත් ඔබව නොමඟ යවන්න ඔවුන්ට පුළුවන්.
ඔබ අනිවාර්යයෙන්ම පරෙස්සම් විය යුතු දේවල්,
අවුරුදු දීමනා සහ Giveaways වගේ සැක සහිත ලින්ක් (Links) ක්ලික් කරන්න එපා.
නිල නොවන කිසිම ඇප් එකකට ඔබේ රහස් අංක දෙන්න එපා.
ඕනෑම තැනක තියෙන QR කේත ස්කෑන් කරලා මුදල් ලබාගන්න යන්න එපා.
බැංකුවෙන් කියලා කතා කරලා රහස් අංක ඇහුවොත් කිසිම වෙලාවක ඒවා ලබා දෙන්න එපා.
ඔබේ පුද්ගලික දත්ත සොරකම් කරලා ගිණුම්වල තියෙන සල්ලි කොල්ලකෑමේ බරපතල අවදානමක් තියෙන නිසා, මේ අවුරුදු කාලේ හැමදේම කරන්නේ හරිම විමසිල්ලෙන් කියලා පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
















