සයුරෙන් එහා පුවත්

ට්‍රම්පච්චි යුද්ධය නවත්වද්දී, කිම් ජොන් පුතා බැලැස්ටික් මිසයිල එවයි

උතුරු කොරියාව විසින් අද (08) උදෑසන එරට නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට බැලැස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර ඇති බව දකුණු කොරියානු හමුදාව උපුටා දක්වමින් විදසේ මාධ්‍ය වාර්තා කරයි.

දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කාර්යාලය (JCS) අනුව, මෙම මිසයිල වොන්සාන් ප්‍රදේශයෙන් උදෑසන 8:50 ට පමණ දියත් කර ඇති අතර, ඒවා කිලෝමීටර් 240ක පමණ දුරක් පියාසර කර ඇති බව වාර්තා වෙයි.

ඊයේ දිනයේද පියොන්ග්යැන්ග් නගරය අසලින් දියත් කළ මිසයිලයක් පියාසරයේ මුල් අවධියේදී අසාමාන්‍යතාවයක් පෙන්නුම් කරමින් අසාර්ථක වී ඇති බව වාර්තා වේ.

අදාළ සිදුවීම් පිළිබඳ ප්‍රතිචාර ලෙස, දකුණු කොරියානු ජනාධිපති මන්දිරය වන Blue House හදිසි ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමක් කැඳවා ඇත.

මෙම මිසයිල පරීක්ෂණ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා උල්ලංඝනය කිරීමක් ලෙස හඳුන්වා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම මිසයිලවල ස්වභාවය සහ දියත් කිරීමේ අරමුණු පිළිබඳව දකුණු කොරියානු සහ අමෙරිකානු ආරක්ෂක අංශ මේ වන විටත් වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button