දේශීය පුවත්

හෙටත් ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්….

ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට හෙට (අප්‍රේල් 9) පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, හෙට උදෑසන 8:00 සිට පස්වරු 8:00 දක්වා මත්තෙගොඩ, බ්‍රාහ්මණගම, කිරිගම්පමුණුව, දීපංගොඩ, පොලිස්ගස්ඔ්විට පාර, කුඩමාදූව සිට 342 බස් මාර්ගයේ වෙල දක්වා, පුබුදු මාවත සිට 342 බස් මාර්ගයේ වෙල දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇත.

තව ද, අද (අප්‍රේල් 8) රාත්‍රී 8:00 සිට හෙට උදෑසන 8:00 දක්වා හෝමාගම හයිලෙවල් පාර, පිටිපන හන්දියේ සිට ගලගෙදර, මාවතගම, පාදුක්ක පාර -ගොඩගම සිට ලියන්වල පාලම, අතුරුගිරිය පාර ගොඩගම සිට හබරකඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලබයි.

එමෙන් ම, දාම්පේ හොරගල පාර, මාදුලාව හොරගල පාර, සෝමරත්න මාවත, ආටිගල පාර, ඇඹුල්ගම පාර, රනාල හබරකඩ පාර, මොරගහහේන පාර, පුවක්වත්ත පාර ප්‍රදේශ වලට පැය 12ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button