සයුරෙන් එහා පුවත්

ඉරානය යුද්ධයෙන් තුවාල ලැබූ අමෙරිකානු සෙබළුන් ගණන 350ක් ඉක්මවයි…

අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කළ ඉකුත් පෙබරවාරි 28වනදා සිට මේ දක්වා කාලය තුළ අමෙරිකානු සෙබළුන් 350කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ.

පෙන්ටගනය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව යුද, ගුවන්, නාවික හා මැරීන් යන සිව් අංශයන්හි සෙබළු 365ක් තුවාල ලබා ඇත.

ඉන් වැඩිම පිරිසක් තුවාල ලබා ඇත්තේ යුධ හමුදාවෙන් වන අතර, එම සංඛ්‍යාව 247කි.

ඊට අමතරව නාවික සෙබළුන් 63ක්, මැරීන් සෙබළුන් 19ක් හා ගුවන් සෙබළුන් 36ක් තුවාල ලබා තිබේ.

එමෙන්ම මෙම සංඛ්‍යාලේඛනවලට අනුව මෙම යුද්ධය හේතුවෙන් අමෙරිකානු සෙබළු 13 දෙනෙකුට දිවි අහිමි වී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button