ලෙබනනයට එල්ල කළ ප්‍රහාර සටන් විරාම ගිවිසුමේ ‘බරපතළ උල්ලංඝණයක්’- ඉරාන නියෝජ්‍ය විදේශ ඇමති

ලෙබනනයට එල්ල වූ ප්‍රහාර සටන් විරාම ගිවිසුම ‘බරපතළ උල්ලංඝණය’ කිරීමක් බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසා තිබේ.
බීබීසී පුවත් සේවය සමග කළ සාකච්ජාවකදී ඔහු මේ බව සඳහන් කර ඇත.
නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පවසා ඇත්තේ, ඇමෙරිකාවට අවශ්‍ය යුද්ධය නැතහොත් සාමය යන්න “තෝරා ගත යුතු” බව ය.
මැදපෙරදිග සිටින සෑම කෙනෙකු ම මෙම ගිවිසුමට අනුකූල විය යුතු යැයි ඉරානය ඉල්ලා සිටින බවත් ඇමෙරිකානුවන් තම මිත්‍ර රටවල් සමග ද එසේ කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කර ඇත.
ඊශ්‍රායල ප්‍රහාර දිගටම පැවතුනහොත් ඉරානය සාකච්ඡාවලින් ඉවත් වේද යන්න පිළිබඳව බීබීසී මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ඉරානය මුළු මැද පෙරදිග ම යහපැවැත්ම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන බව ය.
ඇමෙරිකාව සහ ඉරානය සටන් විරාම ගිවිසුමකට එළැඹ ඇති පසුබිමක ඊශ්‍රායලය ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කරමින් විනාඩි 10ක් ඇතුළත ගුවන් ප්‍රහාර 100 කට වඩා එල්ල කෙරිණි.
මෙම ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 182ක් ජිවිතක්ෂයට පත් වී ඇති අතර 890ක් තුවාල ලබා තිබේ.



