දේශීය පුවත්

මේ වංචාවට භාවිත කරන්නේ ප්‍රසිද්ධ සමාගම්වල නම් ලු.. බැංකු ගිණුම් හිස් කරන ජාවාරමක් ගැන පොලිසියෙන් විශේෂ හෙළිදරව්වක්..

මේ කියන්න යන්නේ ඇස් අදහාගන්න බැරි කතාවක්.

සමහරවිට ඔබත් මේ වගේ වංචාවලට හසුවෙන්න කලින් මේ ගැන දැනුවත් වෙන එක වැදගත් වේවි..

දිවයිනේ ප්‍රමුඛ පෙළේ සහ විශ්වාසනීය ආයතනවල නාමයන් අවභාවිත කරමින් අන්තර්ජාලය සහ නවීන තාක්ෂණය ක්‍රම මගින් වංචාකරුවන් ක්‍රියාත්මක වන බවට නිරීක්ෂණය වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මේ පිළිබඳව නිරන්තරයෙන් ජනතාව දැනුවත් කළද මෙම වංචාවන් පිළිබඳ ලැබෙන පැමිණිලි සංඛ්‍යාව දෛනිකව ඉහළ යමින් පවතින බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ඒ අනුව, වංචාකරුවන් මහජනතාව මුලා කිරීම සඳහා, ප්‍රසිද්ධ ආයතනයක නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් අදාළ ආයතනයේ සේවාවන් ලබා ගැනීම සඳහා විශේෂ ජංගම යෙදවුමක් (App) ස්ථාපනය කළ යුතු බවට ඔබව පොළඹවනු ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

එසේම එම යෙදවුම ස්ථාපනය කිරීම සඳහා සහාය වන බව පවසමින් ඔබගේ දුරකථන තිරය ඔවුන් සමග හුවමාරු කර ගන්නා ලෙස (Screen Share) උපදෙස් ලබා දෙයි…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button