දේශීය පුවත්

මෙම තත්ත්වය එළැඹෙන මැයි 25 වැනිදා තෙක් පැවතිය හැකියි.. කාලගුණයෙන් විශේෂ නිවේදනයක්..

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මේ වන විට පවතින්නේ දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක්.

දිස්ත්‍රික්ක රැසකට මේ දිනවල බලපා ඇති උෂ්ණාධික කාලගුණික තත්ත්වය එළැඹෙන මැයි 25 වැනිදා තෙක් පැවතිය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරන්නේ.

කාලගුණය උණුසුම් වීමත් සමග දරුවන්ට සහ වැඩිහිටියන්ට අධික උණුසුමින් වන බලපෑම ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඒ අනුව හැකි සෑම අවස්ථාවකදීම ජලය හෝ සුදුසු දියර පානය කරන ලෙසයි ඔවුන් දැනුම් දෙන්නේ.

වංසගතරෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ, කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය රුවන් ජයසූරිය සහ රිඡ්වේ ආර්යා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා ඊයේ (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් පැහැදිලි කර තිබෙනවා.

මේ අතර, බස්නාහිර, සබරගමුව, දකුණ, උතුරු මැද, සහ වයඹ පළාත්වලත් මොණරාගල, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවල ඉහළ මට්ටමේ උණුසුම් දර්ශකයක් අදත් බලපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button