සයුරෙන් එහා පුවත්

කටාර් හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටේ… 6 දෙනෙක් සදහටම ජීවිතයෙන් සමුගනියි.. මෙන්න නවතම විස්තරය..

ලෝකයම කම්පා කරමින් කටාර් රාජ්‍යයෙන් අද (22) පෙරවරුවේ ඉතාමත් කණගාටුදායක පුවතක් වාර්තා වුණා.

ඒ කටාර් රාජ්‍යයට අයත් හමුදා හෙලිකොප්ටර් යානයක් දේශසීමා මුහුදු සීමාවේදී අනතුරට ලක්වූ පුවතයි.

පුද්ගලයන් හත් දෙනෙකු රැගත් මේ හමුදා හෙලිකොප්ටර් යානය පියාසර කරමින් තිබියදී හදිසියේම මුහුදට කඩා වැටී තිබෙනවා. සිදුකළ දැවැන්ත සෝදිසි මෙහෙයුම්වලදී මේ වන විටත් පුද්ගලයන් හය දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බවයි කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

යානයේ ගමන් කළ හත් දෙනාගෙන් හය දෙනෙක්ම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අතුරුදන් වූ අනෙක් පුද්ගලයා සෙවීම සඳහා විශේෂිත කණ්ඩායම් විසින් තවමත් දැඩි මෙහෙයුම් සිදුකරනවා. ඔහුට මොකද වුණේ කියන එක තවමත් අභිරහසක්.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙම දරුණු අනතුර සිදුව ඇත්තේ යානයේ ඇති වූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන්. මේ අනපේක්ෂිත වියෝව නිසා මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් වෙත කටාර් රජය සිය බලවත් ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

මූලාශ්‍රය | අල්ජසීරා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button