දේශීය පුවත්

හූති කැරලිකරුවන් ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාර දැඩි කරයි…

යේමනයේ හූති කැරලිකරුවන් මේ වන විට ඔවුන්ගේ ප්‍රහාර වැඩි වශයෙන් එල්ල කර ඇත්තේ දකුණු ඊශ්‍රායලය ඉලක්ක කරගෙන බව සඳහන් වෙයි.

ඔවුන් පවසන්නේ මෙම ප්‍රහාර නැවැත්වීමට නම් ඊශ්‍රායලය කොන්දේසි දෙකක් ඉටු කළ යුතු බවයි.

එහිදී ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමට එකඟ වීම සහ ඉරානයට එරෙහිව අමෙරිකාව එල්ල කරන ප්‍රහාරවලට හවුල් නොවීම බව යේමනයේ හූති සංවිධානය පවසා තිබේ.

හූති නායකයින් පවසන්නේ ඉදිරියේදී ඔවුන්ගේ ප්‍රහාර තවදුරටත් දැඩි කරන බවයි.

එහි එක් පියවරක් ලෙස ලෝකයේ ඉතා වැදගත් මුහුදු මාර්ගයක් වන බාබ් අල්-මන්ඩෙබ් (Bab al-Mandeb) සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඔවුන් සූදානම් වන බව සඳහන් වෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button