විදුලි කාර් චාජ් කරන්න 300MWක් යනවා.. ඒවා දවල් වරුවේ චාජ් කරන්න..- ජනපති

විදුලි කාර් චාජ් කරන්න 300MWක් යනවා.. ඒවා දවල් වරුවේ චාජ් කරන්න..- ජනපති

මෙරට විදුලි පරිභෝජන රටාව විධිමත් කිරීම සහ නව බලශක්ති ගබඩා පද්ධති හඳුන්වා දීම හරහා ඉදිරි පාලන කාලය තුළ විදුලි බිල සැලකිය යුතු මට්ටමකින් අඩු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
පවතින බලශක්ති අර්බුදය සහ අනාගත සැලසුම් පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ වර්තමානයේ පස්වරු 6.00 ත් රාත්‍රී 10.00 ත් අතර කාලය තුළ විදුලිය සඳහා උපරිම ඉල්ලුමක් පවතින බවයි.

විශේෂයෙන්ම විදුලි මෝටර් රථ (EV) භාවිතා කරන්නන් කාර්යාල නිමවී පැමිණ මෙම කාලය තුළ සිය වාහන ආරෝපණය කිරීම හේතුවෙන් පද්ධතියට මෙගාවොට් 300 කට ආසන්න අමතර ඉල්ලුමක් එක්වී ඇති බව හෙතෙම සඳහන් කළේය.

ඊයේ පස්වරුවේ මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලදී.

“අපේ රටේ සවස 6 ත් රාත්‍රී 10 ත් අතර තමයි වැඩිම විදුලි ඉල්ලුම එන්නේ. මේ ඉලෙක්ට්‍රික් කාර්, විදුලි කාර් පාවිච්චි කිරීම නිසා ගොඩක් අය වැඩ ඇරිලා ගිහිල්ලා 6 – 10 අතර තමයි චාජ් කරන්නේ . ඒ නිසා මීට පෙරට වඩා මෙගා වොට් 300 කට ආසන්න අමතර විදුලි ඉල්ලුමක් 6 – 10 අතර මතුවෙලා තිබෙනවා. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නය. සියලු බලාගාර විදුලිය ජනනය කිරීම සඳහා උපයෝගි කර ගන්නවා. හැබැයි දවල් කාලයේ අපිට විදුලි අතිරික්තයක් තිබෙනවා. එනිසා මම විදුලි කාර් රථ හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ වාහනය දවල් කාලයේ චාජ් කරන්න කියලා. අපි ඇත්තටම හඳුන්වා දෙන්න යන ස්මාට් මීටරයක් තියෙනවා. ස්මාර්ට් මීටරය ගෙනාවට පස්සේ අපි මිල අගයන් දෙකක් දෙනවා. දවල් කාලෙට එක මිලක්, 6 – 10 කාලයට තව මිලක්. අපේ අවශ්‍යතාව තමයි දවල් කාලයේ වැඩිපුර විදුලිය පරිභෝජනය කරන්න ඕන.

අපිට දවල් කාලයේ විදුලි අතිරික්තයක් තියෙනවා. සමහර දවස් වල, සෙනසුරාදා ඉරිදා අපිට සූර්ය බලශක්ති සැපයුම් කරුවන්ගෙන් විදුලිය මිලදී ගන්න බැරි තත්ත්වයක් මතුවෙලා තිබෙනවා. අපි විශාල ලෙස සූර්ය බලයෙන් විදුලිය හදාගෙන ගියා ගබඩා කිරීමේ පහසුකම් නැතුව. විදුලිය කියන්නේ ඒ වෙලාවේ හදලා ඒ වෙලාවෙම පාවිච්චි කරන්න ඕනේ දෙයක්. ඒ නිසා දවල් හැදෙන විදුලිය ඒ වෙලාවට පාවිච්චි කරන්න බැරි වෙනවා නම් අපිට අතිරික්තයක් තියෙනවා. දැන් අපි ටෙන්ඩරයක් කැඳවලා තියෙනවා මෙගාවොට් එකසිය හැටක බැටරි පද්ධතියක් (Battery Storage) සඳහා. ඒක දුන්නා නම් මාස හයක් ඇතුළත ඒ බැටරි සවි කරයි. එතකොට අපිට පුළුවන් මේ දවල් කාලයේ නිෂ්පාදනය කරන විදුලිය ඒ බැටරිවල ගබඩා කරලා රාත්‍රී 6 – 10 ඇතුලත ගන්න. තවත් අපි වැඩ සටහනක් හදාගෙන යනවා මෙගාවොට් හාරසීයක බැටරි ගේන්න. එතකොට අපිට දවල් නිෂ්පාදනය කරන විදුලිය ගබඩා කරලා 6 – 10 ඇතුලත ගන්න පුළුවන්. ඒවා තමයි අපේ සැලසුම්. අපේ සැලසුම් ක්‍රියාත්මක වීගෙන යනවා. ඒ නිසා තමයි මම කියලා තියෙන්නේ විදුලි බිල සැලකිය යුතු අඩුවීමක් කරනවා කියලා. මම ඒක වගකීමෙන් කියනවා, අපේ මේ පළමු පාලන කාලය තුළ විදුලි බිලේ සැලකිය යුතු අඩුවීමක් අපිට කරන්න පුළුවන්”

Related Posts

කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු වන ‘දෙහි බාලේ මල්ලි’ හෙවත් පටබැඳි මද්දුමාගේ ෂෙහාන් සත්සර නැමැත්තා, සිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් එරට මුහුදේ සුඛෝපභෝගී නෞකාවක ඉහළ…

“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

අද විපක්ෂය හැසිරෙන්නේ ඔටුන්න කුණු කාණුවක් දිගේ ඇවිත් හරි ඔලුවට වැටෙයි ඇතැයි සිතා බවත් ඔවුන් රටට ම විපතක්, සාපයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඔහු මේ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You Missed

අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

  • By admin
  • April 6, 2026
  • 36 views
අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

  • By admin
  • April 6, 2026
  • 430 views
කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

  • By admin
  • April 6, 2026
  • 91 views
“මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

  • By admin
  • April 6, 2026
  • 844 views
ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

  • By admin
  • April 6, 2026
  • 180 views
ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

  • By admin
  • April 6, 2026
  • 831 views
“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්