යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යෝජනා ප්‍රතික්ෂේප කරන බව ඉරාන හමුදාව පවසයි.
ඉරානයේ ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරිවරයාගේ ප්‍රකාශක ඊබ්‍රහිම් සොල්ෆකාරි ඉරාන රාජ්‍ය රූපවාහිනියට අදහස් දක්වමින් මේ බව සඳහන් කර ඇත.
ඔහු සඳහන් කර ඇත්තේ, අමෙරිකානු ජනාධිපතිවරයාගේ උපායමාර්ගික බලය අසාර්ථක වී ඇති බව ය.
ගෝලීය සුපිරි බලවතෙකු යැයි කියා ගන්නා තැනැත්තාට මේ අවුලෙන් මිදීමට හැකි ව තිබු බව ත් ඔබේ පරාජය ගිවිසුමක් ලෙස වෙස්වළා නොගන්නා ලෙස ඉරාන නිලධාරියා සඳහන් කර තිබේ.
නිව්ටොර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ, යුද්ධය අවසන් කිරීම සඳහා එක්සත් ජනපදය ඉරානයට කරුණු 15කින් යුත් සැලැස්මක් ඉදිරිපත් කර ඇති බව ය.
අදාළ සැලැස්ම තුළ න්‍යෂ්ටික වැඩසටහනේ දැඩි සීමාවන් සහ හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම ඇතුළත් වන බව එම පුවත්පත වාර්තා කර ඇත.





