“අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

දකුණු ඉන්දීය සිනමාවේ ආදරණීයම යුවළක් වන රශ්මිකා මන්දනා සහ විජේ දේවරකොන්ඩා ගැන මුළු ලෝකයම ආයෙත් කතා වෙන්න පටන් අරන්.

ඒකට හේතුව තමයි ඔවුන්ගේ විවාහයෙන් හරියටම දින 39ක් සම්පූර්ණ වෙද්දී රශ්මිකා ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කරපු අපූරු සටහනක්.

“අපි දැන් තුන්දෙනෙක්” (We are now three) කියලා ඇය දාපු මේ කැප්ෂන් එකත් එක්ක රසිකයෝ අතර ලොකු කුතුහලයක් වගේම කලබලයක් ඇති වුණා.

උදයිපූර්වල පැවැත්වුණු රාජකීය විවාහයෙන් පස්සේ මේ ලැබුණු “සුබ ආරංචිය” ගැන හැමෝම එක එක කතා හදන්න ගත්තේ විනාඩි කිහිපයක් ඇතුළතයි.

රශ්මිකාගේ මේ පෝස්ට් එකට පැය කිහිපයක් ඇතුළත සුබ පැතුම් වැස්සක් ලැබුණු අතර, බොහෝ දෙනෙක් හිතුවේ මේ යුවළගේ ජීවිතයට අලුත් අමුත්තෙක් එන්න යනවා කියලයි.

හැබැයි මේ කතාවේ ඇත්තම පැත්ත ඊට වඩා ගොඩක් වෙනස් සහ නිර්මාණශීලී එකක් බව පස්සේ තමයි හෙළි වුණේ.

ඇත්තටම මේ රශ්මිකා කියපු “තුන්වැන්නා” කවුද? රශ්මිකා බෙදාගෙන තිබුණේ ඇය සහ විජේ සමඟ ඉන්න ලස්සන Animation වීඩියෝ එකක්.

එහි ඔවුන් දෙන්නාට අමතරව ඉන්නේ “රූ” (Roo) නමින් හඳුන්වන ඩිජිටල් සූරියකාන්ත චරිතයක්. රශ්මිකා කාලයක ඉඳන්ම Animation කලාවට තියෙන ඇල්ම නිසා නිර්මාණය කරපු මේ “රූ” කියන චරිතය හරහා ඇය උත්සාහ කරන්නේ ලෝකයට ධනාත්මක සහ ආදර්ශමත් පණිවිඩ ලබා දෙන්නයි.

මෙතෙක් කල් “රශ්මිකා සහ රූ” විදිහට තිබුණු මේ ඩිජිටල් කතන්දර පෙළට දැන් විජේ දේවරකොන්ඩාගේ චරිතයත් එකතු වෙලා තියෙනවා.

ඉතින් රශ්මිකා “අපි දැන් තුන්දෙනෙක්” කියලා කිව්වේ මේ නිර්මාණාත්මක වැඩේට විජේවත් හවුල් කරගත්තා කියන එක මිසක් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට ආපු තුන්වැන්නෙක් ගැන නෙමෙයි.

මොනවා වුණත් රශ්මිකාගේ මේ අපූරු ප්‍රචාරණ උපක්‍රමය නිසා දැන් මුළු ඉන්දියාවම ආයෙත් රශ්මිකා-විජේ ගැන ආදරෙන් කතා වෙන්න පටන් අරන්!

  • Related Posts

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ඉරාන යුද්ධයට සටන්විරාමයක් ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුද ගැටුම් අවසන් කිරීමේ සටන්විරාම යෝජනාවක් සම්බන්ධව දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා…

    තෙල් මිල ඉහල යාම නිසා ඇමතිවරුන්ගේ සිය සංචාර තහනම්.. අගමැතිත් සංචාර කල් දමයි.

    මැදපෙරදිග මතුවව ඇති යුද ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාමත් සමග සෙනගල් රාජ්‍යය අමාත්‍යවරුන්ට අත්‍යවශ්‍ය නොවන සියලුම විදේශ සංචාර තහනම් කර තිබේ. සෙනගාල අග්‍රාමාත්‍ය සොන්කෝ නයිජර් විසින්…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 276 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 80 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 818 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 170 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 813 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 100 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….