සයුරෙන් එහා පුවත්

ඔය කියන සාකච්ඡාවලට අප නෑ – ඊශ්‍රායල තානාපති පවසයි…

යුද්ධය නතර කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සහ ඉරානය අතරේ සාකච්ඡා පැවැත්වෙන්නේ නම්, එම සාකච්ඡාවලට ඊශ්‍රායලයේ කිසිදු සම්බන්ධයක් හෝ දායකත්වයක් හෝ නොමැති බවඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායල තානාපති ඩැනී ඩැනන් පවසා ඇත.

ඩැනී ඩැනන් මෙසේ පවසා ඇත්තේ‍, එක්සත් ජාතීන්ගේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිණි. සාකච්ඡා කෙසේ වෙතත්, ඊශ්‍රායලය සහ ඇමරිකාව එක්ව ඉරානයේ හමුදා ඉලක්ක වෙත අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවත්, එය ඉදිරියටත් සිදුකරන බව ඩැනී ඩැනන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

“ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා, ඔහුගේ කණ්ඩායම ඉරාන නායකත්වය සමග සාකච්ඡා කරන බව. ඒ කිසිවක් ගැන අප (ඊශ්‍රායලය) දන්නේ නැහැ. ඒ සාකච්ඡා සඳහා අපේ කිසිදු සම්බන්ධයක් නැහැ” යැයි ඩැනී ඩැනන් පැහැදිලි කර ඇත.

මේ අතර, ඇමෙරිකාව සමග එක් වී එල්ල කරන ප්‍රහාරවලින් ඉරාන රජය අඩපණ කිරීමේ වටපිටාව නිර්මාණය කර ඇති බවත්, ඉරානයට එල්ල කරන ප්‍රහාරවලින් ජයග්‍රහණ රාශියක් අත්පත් කර ගැනීමට හැකි වී ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button