දේශීය පුවත්

අද සවස් කාලයේ විමසිලිමත් වෙන්න.. ප්‍රදේශ රැසක සිටින ඔබට මෙන්න විශේෂ අනාවරණයක්..

අද දවසේ කාලගුණය ගැන මේ ඇසෙන්නේ වෙනස්ම කතාවක්. අද සිද්ධවෙන්න යන්නේ මොකක්ද.?

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම, අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් අද (20) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, කළුතර, ගම්පහ, කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button