දේශීය පුවත්

උසස් පෙළින් A3ක් ගෙන යාපනය දිස්ත්‍රික්කයේ 24 වැනියා වූ සිසුවා අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි…

උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත්, යාපනයේ ඉනුවිල් හි දකුණු ඉනුවිලෙයි හි පදිංචිව සිටි ලවන් අක්ෂයන්ත නමැති ශිෂ්‍යයා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (04) දින ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ශිෂ්‍යයා සම්බන්ධයෙන් මුළු ප්‍රදේශයම දැඩි ශෝකයට පත්වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඔහු මෑතකදී නිකුත් වූ 2025 උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව ඉහළම දක්ෂතා පෙන්නුම් කළ සිසුවෙකු වීමයි.

එහිදී ඔහු 2025 අ.පො.ස. උසස් පෙළ විභාගයට යාපනය හින්දු විද්‍යාලයෙන් පෙනී සිටි අතර, ගණිත අංශයෙන් A සාමාර්ථ 3 ක් ලබා ගනිමින් යාපනය දිස්ත්‍රික්කයේ 24 වන ස්ථානය ලබා ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button