Uncategorized

“ආයෙත් ඇස් ඇරලා බැලුවම මට තේරුණා මම තල්මසාගේ කට ඇතුලේ ඉන්නවා කියලා..” තල්මසෙකුගේ කට ඇතුලට ගිහින් අනූ නවයෙන් දිවි බේරාගත් තරුණයෙකුගේ කතාව…

ඇත්තෙන්ම මේ කතාව අසන ඕනෑම කෙනෙක්ට පුදුමයක් ඇති වෙනවා.. මේ කියන්න යන්නේ මොකක් ගැනද..?

තල්මසෙකුගේ කටින් මෙහෙම බේරෙන්න පුළුවන්ද..? ඇත්තෙන්ම ඒ කතාව නම් ප්‍රාතිහාර්‍යක් වගේ..

තල්මසෙකු විසින් තරුණයෙකු සමග බෝට්ටුවක් ගිල දමා යළි එම තරුණයා සහ බෝට්ටුව නිරුපද්‍රිතව පිටතට දැමූ පුවතක් චිලී රාජ්‍යයෙන් වාර්තා වෙනවා.

මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ වයස අවුරුදු 23ක තරුණයෙක්.

අදාළ තරුණයා සිය පියා සමග චිලී හි මුහුදු තීරයක බෝට්ටු පදිමින් සිට ඇති අතර එහිදී මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් තල්මසා විසින් තරුණයාව ක්ෂණිකව ගිලදමා නිරුපද්‍රිතව මුදාහරින ආකාරය ඔහුගේ පියා විසින් වීඩියෝ ගතකර තිබෙනවා.

අදාළ තරුණයා මාධ්‍ය වෙත දැක්වූයේ මෙවන් අදහසක්,
“මම යම් දෙයක මුඛය තුළ සිටින බව මට වැටහුණා, සමහර විට එය මාව අනුභව කර ඇති බවත්, ඒ මුහුදු රකුසෙක් විය හැකි බවත් මම තත්පරයක් ගත කළා, මම ඇස් පියාගත්තා, ආයෙත් ඇස් ඇරලා බැලුවම මට තේරුණා මම තල්මසාගේ කට ඇතුලේ ඉන්නවා කියලා, මගේ මුහුණේ සෙවල ගතියක් ඇති බව මට දැනුණා..”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also
Close
  • test
Back to top button