දේශීය පුවත්

හලාවත – කුරුණෑගල මාර්ගයේ මුගුණුවටවන ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුර

හලාවත – කුරුණෑගල මාර්ගයේ මුගුණුවටවන ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කුරුණෑගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් කොක්කවිල හන්දියෙන් දකුණට හැරවීමට යාමේදී එම දිසාවටම පසුපසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකාරිය හා පසුපැදිකරුවා වූ ඇයගේ පුතා බරපතළ තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පැදිකාරිය මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 28 ක් වූ කරවිටිගාරය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

අනතුරට සම්බන්ධයෙන් ලොරි රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button