සයුරෙන් එහා පුවත්

කොලාම්බියානු හමුදා ගුවන් යානයක් කඩා වැටෙයි – 34ක් මර.නයට පත් ව ඇත විඩියො (සහිතයී)

කොලොම්බියානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් තිබේ.

තවත් 80කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හමුදා නිලධාරීන් ප්‍රවාහනය කරන හර්කියුලිස් වර්ගයේ ගුවන් යානයක් කොලොම්බියාවේ දකුණු ප්‍රදේශයේ දී ඊයේ අනතුරට පත් වු අතර අනතුර සිදුවන අවස්ථාවේ යානයේ හමුදා නිලධාරීන් 114 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 11 දෙනෙකු සිට ඇති බව සඳහන්ය.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button