දේශීය පුවත්

එය අනාගතයට බලපෑමක්.. වයස අවුරුදු 18ත් – 29ත් අතර පසුවන අවිවාහක තරුණියන්ගෙන් සිදුකළ පර්යේෂණයකින් පසු හෙළි වූ ඒ ඇස් අදහාගත නොහැකි පුවත මෙන්න..

වෛද්‍ය වෘත්තියට අපේ රටේ බොහෝ දෙනෙක් ගරු කරනවා.

ඒත් ඒ වෘත්තීය ගරුත්වය කෙලෙසන මේ වගේ චරිතද නැතුවාම නෙවෙයි.

ස්නායූ රෝගීන් සඳහා වෛද්‍ය නිර්දේශ මත පමණක් ලබාදිය යුතු පෙති වර්ගයක් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවූ තරුණයින්ට වැඩි මිලට අළෙවි කරන බව කියන වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත් බව දවුලගල පොලිසිය පවසනවා.

මෙම වෛද්‍යවරයා දවුලගල අලපලාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුගේ මෝටර් රථයේ අදාළ මත්පෙති 301 ක් තිබූ බව ද පොලීසිය සඳහන් කරනවා.

පුනරුත්ථානපන මධ්‍යස්ථානයක්ද ක්‍රියාත්මක වන දවුලගල මාම්පිටිය ප්‍රාදේශීය රෝහලේ සේවය කරන 50 හැවිරිදි මෙම සැකකාර වෛද්‍යවරයා ස්නායූ රෝගීන් සඳහා වේදනා නාශකයක් ලෙස ලබාදෙන අදාළ පෙති දෙකක් රුපියල් 500 ක මුදලකට අළෙවි කරන බවට ලද තොරතුරු මත උපාය දූතයෙකු යොදවා පෙති මිලට ගැනීමට සලස්වා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතැයි පොලිසිය පවසනවා.

මෙයට මාස කිහිපකට පෙර මත්ද්‍රව්‍ය බවට සැක කරන ද්‍රාවණයක් එන්නත් කර ගැනීමෙන් පසු මියගිය තරුණයකුගේ මරණ පරීක්ෂණයේදී සාක්කි දෙමින් ප්‍රදේශවාසි තරුණයෙකු පවසා තිබුණේ මියගිය තරුණයා ප්‍රාදේශීය රෝහලක වෛද්‍යවරයෙකුගෙන් ලබා ගන්නා මත්පෙති විකුණා ලැබෙන මුදලින් හෙරෝයින් මත්කුඩු පානය කරන බවයි.

එම මරණ පරීක්ෂණයේදී කරුණු අනාවරණය වූ වෛද්‍යවරයා මෙම සැකකරුද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි ද පොලිසිය පවසනවා.

පොලිස් අධිකාරි ඔමේෂ රන්දිකගේ උපදෙස් මත දවුලගල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මන් රත්නායක, උප පොලිස් පරීක්ෂක දිසානායක, පොලිස් කොස්තාපල්වරුන් වන (777465) රුවන්, (95324) ලාල් යන නිලධාරීන් මෙම වැටලීම සිදු කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button