
ඇය තවමත් සිටින්නේ සැමියා මියගිය වියෝවෙන් කම්පනයට පත්වෙලා.
තම ස්මාර්ට් ජංගම දුරකථනයෙන් සැමියා මියගිය විවාහක කාන්තාවකගේ ස්මාර්ට් ජංගම දුරකථනයට විවිධ අසභ්‍ය දර්ශන යවා ඇයට ලිංගික බලපෑම් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කර්යාංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ විහාරාධිපති හිමිනමක රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න නියෝග කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුටරත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට හමුවට ඉදිරිපත් කරන ලෙසටද අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා යළි එළැඹෙන සැප්තැම්බර් මස 7 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සැකකාර හිමිනමට තවදුරටත් නියෝග කෙරුණා.
සැකකාර හිමිනම අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පැවසුවේ සැකකාර හිමිනම සිය ස්මාර්ට් ජංගම දුරකථනයෙන් විවිධ අසභ්‍ය ඡායාරූප තම ජංගම දුරකථනයට එවමින් වැරැදි ක්‍රියාවන් සඳහා පොලඹවා ගැනීමට උත්සහ දරන බව පවසමින් 30 හැවිරිදි සැමියා මියගිය විවාහක කාන්තාවක පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවයි.
එකී පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික විමර්ශන ඇරඹූ බවද කියා සිටි පොලිසිය සැකකරු මෙම වරද කර ඇති බවට සැකකාර හිමිනමගේ සහ පැමිණිලිකාර වින්දිත කාන්තාවගේ ස්මාර්ට් ජංගම දුරකථනවලට අදාළව ලබා ගත් දුරකථන විශ්ලේෂණ වාර්තා මගින් තහවුරු වී ඇති බවද පවසා සිටියා.
මෙම අපරාධය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කෙරෙන බැවින් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. සැකකාර හිමිනම වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ සංජය රත්නායක අධිකරණයට සඳහන් කළේ තම සේවාදායකයාට එරෙහිව එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
අරුණ පුවත්පත ඇසුරෙන්..



