ගේම් එක තාම Release වෙලාවත් නැහැ… GTA VI නිසා අන්තර්ජාලය උණුසුම් වෙයි! පැය 48න් අලුත්ම වාර්තාවක්…

ලොව පුරා වීඩියෝ ක්රීඩා ලෝලීන් මහත් උනන්දුවෙන් බලා සිටින Grand Theft Auto VI (GTA VI) ක්රීඩාව නිකුත් වීමටත් පෙර ලොකු පෙරළියක් සිදුකර තිබෙනවා.
ඒ, ක්රීඩාව නිල වශයෙන් නිකුත් වීමටත් කලින් එය බාගත කර ගැනීමට ක්රීඩකයින් විශාල පිරිසක් එකවර එක්වීමත් සමඟ ලොව පුරා අන්තර්ජාල දත්ත ගමනාගමනයේ වාර්තා බිඳ වැටීමයි.
මෙම ක්රීඩාව කලින් මිලදී ගත් ක්රීඩකයින්ට නිකුත් වන දිනයේම ක්රීඩා කිරීමට අවස්ථාව ලබාදීමේ අරමුණින්, සතියකට පෙර සිටම බාගත කර ගැනීමේ (Pre-load) පහසුකම ලබාදී තිබුණා. විශේෂත්වය වන්නේ GTA VI ක්රීඩාවේ ගොනු ප්රමාණය ගිගාබයිට් 212ක් වීමයි.
ඒ නිසාම ලොව පුරා ක්රීඩකයින් එකවර බාගත කිරීම් ආරම්භ කිරීමත් සමඟ අන්තර්ජාල සේවා සපයන ජාලවලට විශාල දත්ත ප්රමාණයක් හුවමාරු කිරීමට සිදුව තිබෙනවා.
පැය 48ක් ඇතුළත Comcast ජාලයේ වාර්තා බිඳ දමයි! අමෙරිකාවේ ප්රධාන අන්තර්ජාල සේවා සපයන සමාගමක් වන Comcast පවසන්නේ, GTA VI බාගත කිරීම් ආරම්භ වී පළමු පැය 48 තුළදී තම ජාල ඉතිහාසයේ විශාලතම තනි සිදුවීමකට අදාළ දත්ත ගමනාගමනය වාර්තා වූ බවයි.
එපමණක් නොව, එම පැය 48ක කාලය තුළ සමාගමේ වැඩිම දත්ත ගමනාගමනයක් වාර්තා වූ දින 10 අතරට දින දෙකක්ද එක්ව තිබෙනවා.



