වාහනවල මොඩිෆිකේෂන් කළ කොටස් ගැලවීමට විරෝධය පාන අය එහෙම කරන්නෙ අදාළ කාරණාව ගැන හරි අවබෝධයක් නැති නිසා.
1. වාහනයක ඩිසයින් එක යම් පුද්ගලයෙකුගේ හෝ සමාගමක බුද්ධිමය දේපළක්. වාහනයෙ පෙනුම විකෘති වෙන විදිහට අනවසරයෙන් මොඩිෆිකේෂන් කරන ලද බ්‍රෑන්ඩ් නිව් වාහනවල වොරන්ටිය අහෝසි වෙනවා සාමාන්‍යයෙන්.
වොරන්ටියක් නැති පරණ වාහනක් මොඩිෆිකේෂන් කළත්, ඊට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඩිසයින් එකේ මුල් අයිතිය තියෙන සමාගමට පුලුවන් කමක් තියෙනවා. (මුල් ඩිසයින් එකට නොගැලපෙන කොටස් එකතු කරල මොඩිෆයි කළ වාහන හොයහොයා නඩු දාන්නෙ නැති නමුත් ඕනෙ නම් නඩු දාන්න පුලුවන් බවයි මේ කියන්නෙ.)
2. වාහනයක් ඩිසයින් කරද්දි එයරොඩයිනමික්ස්, ඇන්ත්රොෆෝමෙට්රික්ස්, අර්ගොනොමික්ස් වැනි විෂයයන් පිළිබඳ අවබෝධයක් තියෙන අය තමයි එවා කරන්නෙ. අනවසර මොඩිෆිකේෂන් කරන අයට ඒවා ගැන අවබෝධයක් නැහැ. (මේවා භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, මානව විද්‍යාව, සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව වැනි විෂයයන්ට සම්බන්ධයි.)
බාහිර මොඩිෆයි කිරීම්වලදි එයරොඩයිනමික්ස් වෙනස් වීම නිසා වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාව අඩු වෙන්න පුලුවන්. ඒවගේම සමබරතාව අඩු වීම නිසා පෙරලෙන්න හෝ වාහනය පාලනය කර ගැනීමට බැරි වී ඇක්සිඩන්ට් වෙන්න හෝ ඉඩ තියෙනවා.
අභ්‍යන්තර මොඩිෆයි කිරීම්වලදි ඇන්ත්රොෆෝමෙට්රික්ස් සහ අර්ගොනොමික්ස් වෙනස් වීම නිසා වාහනයේ ගමන් කරන මගීන්ට විවිධ අපහසුතා ඇති වෙන්න පුලුවන්. විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවයේ යොදවන බස්රථ සම්බන්ධයෙන් නියාමනයක් අවශ්‍ය වෙන්නෙ මේ නිසයි.
3. වාහන ඩිසයින් කරද්දි සේෆ්ටි ගැන හිතල සකස් කරන දේවල් තියෙනව. මොඩිෆයි කිරීමේදි අලුතින් එකතු කරන ලද කොටස් නිසා අනතුරකදි මගීන්ට හෝ පදිකයින්ට බලාපොරොත්තු නැති විදිහට හානි සිද්ධ වෙන්න පුලුවන්. රථවාහන පොලිසිය අනුචිත මොඩිෆිකේෂන්ස් ගැන සැලකිලිමත් වෙන්නෙ ඒ නිසයි.
4. වාහනයේ මුල් පෙනුම වෙනස් කිරීම සහ අලුතින් විවිධ අංග එකතු කිරීම නිසා දෘශ්‍ය දූෂණය සහ ශබ්ද දූෂණය සිදු වීම නිතරම දකින්නට ලැබෙන ගැටලුවක්.
ඇසට ප්‍රිය තනි චාම් වර්ණයකින් වාහනයක් හදන්නෙ එහි ගමන් කරන අයගෙ මානසිකත්වය ගැන පවා සැලකිල්ලට ගනිමින්. ඒ වගේම ඕඩියෝ ඩිවයිස් සවි කරල තියෙන්නෙ කණට දරාගන්න පුලුවන් ශබ්දයේ ප්‍රමාණය සැලකිල්ලට ගනිමින්. මේ ප්රමිතීන් උල්ලංඝනය කරමින් පසුව එකතු කරන වර්ණවත් ලුමිනර්ස් ස්ටිකර්, එල්.ඊ.ඩී. ආලෝක රටා, දෙදරන සබ් වූෆර් වැනි දේ අනුචිත බව මොඩිෆිකේෂන් කරන අයට කියා දෙන්න ඕනෙ.
වාහනේ නිපැයුම්කරුවන්ට අවශ්‍ය නම් නඩු දාන්නත් පුලුවන්..!
වාහනවල මොඩිෆිකේෂන් කළ කොටස් ගැලවීමට විරෝධය පාන අය එහෙම කරන්නෙ අදාළ කාරණාව ගැන හරි අවබෝධයක් නැති නිසා. 1. වාහනයක ඩිසයින් එක යම් පුද්ගලයෙකුගේ හෝ සමාගමක..

Previous Post
Next Post
Leave a Reply
About the Author

AF themes
Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

Latest News

Stay Connected
Search the Archives
Access over the years of investigative journalism and breaking reports
You May Have Missed












