මීට පස්සේ වාහන වල තොරොම්බල් එල්ලන්න වෙන්නේ මෙහෙමයි !

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිර්ණායකයන්ට අනුකූලව අමතර උපාංග සංවිකිරීමට අදාළ ලියාපදිංචි සහතිකය ලබාගෙන ඇත්තේ බස් රථ 35ක් සහ ත්‍රිරෝද රථ 60ක් පමණක් බව මෝටර් රථ..

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිර්ණායකයන්ට අනුකූලව අමතර උපාංග සංවිකිරීමට අදාළ ලියාපදිංචි සහතිකය ලබාගෙන ඇත්තේ බස් රථ 35ක් සහ ත්‍රිරෝද රථ 60ක් පමණක් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් එහි සහකාර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුජීව තෙන්නකෝන් මේ බව සඳහන් කළා.

“CLEAN SRI LANKA” වැඩසටහනට සමගාමීව මේ දිනවල මගී බස්රථ සහ ත්‍රිරෝද රථවල සවි කර ඇති මගී ආරක්ෂාවට බලපෑ හැකි උපාංග ඉවත් කිරීමේ කටයුතු සිදුකෙරෙනවා.

ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුව 2013 වසරේ නිකුත් කර ඇති චක්‍රලේකයට අනුවයි.

පොදු ප්‍රවාහන බස්රථ හා විනෝද චාරීකා සඳහා යොදා ගනු ලබන විනෝදාස්වාදය වෙනුවෙන් නවීකරණය කරන ලද බස් රථ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්ථමෙන්තුව විසින් 2021 වර්ෂයේ දී ඉදිරිපත් කරන ලද යෝජනාවලිය 2024 /06 දරණ දෙපාර්තමේන්තු චක්‍රලේඛය මගින් පෙන්වා දී තිබෙනවා.

එම චක්‍රලේඛය අනුව ත්‍රිරෝද රථවල සහ බස් රථවල අලංකරණය සඳහා අමතරව සවිකර ඇති උපාංග වෙනුවෙන් ගාස්තු ගෙවීමට අදාළ රථවාහන රියැදුරන්ට සිදුවනු ඇති.

ඒ අනුව විනෝදාස්වාදය වෙනුවෙන් නවීකරණය කිරීමේ බස්රථ කාණ්ඩයේ වසර 05ක ලියාපදිංචි ගාස්තුව වන්නේ රුපියල් 50,000ක්.

බස්රථ වර්ණ ගැන්වීමේදී තීන්ත ආලේප කිරීම හෝ ස්ටිකර් භාවිත කිරීමට මාදිලි 04ක් යටතේ රුපියල්20,000 සිට රුපියල් 40,000 දක්වා ගස්තු අය කෙරෙනවා.

මීට අමතරව එලෙස නවීකරණය කරන ලද බස් රථවල බඳෙහි අලෝක රටා සහිත විදුලි පහන් සවිකිරීමට රුපියල් 20,000ක් ද ආසන සැලස්ම වෙනස් කිරීම සඳහා රුපියල් 10,000ක් ද අය කෙරෙනවා.

බස් රථ ඇතුලත ආලෝක රටා පද්ධති සවි කිරීමට රුපියල් 10,000ක ගාස්තුවක් අය කෙරෙන අතර බස් රථ තුළ ඩිජිටල් තිර සවි කිරිම සඳහා අය කෙරෙන ගාස්තුව වන්නේ රුපියල් 5,000ක්.

මේ අතර, ත්‍රිරෝද රථ නවීකරණය සඳහා ද ගාස්තු අය කිරීමක් සිදු කෙරෙනවා.

ඒ අනුව තනි ප්‍රධාන පහන් සහිත ආකෘතිය වෙනස් කර ද්විත්ව ප්‍රධාන පහන් සවිකිරීමට රුපියල් 1,000ක් ගාස්තු ලෙස අය කෙරෙනවා.

ඉදිරි බඳෙහි පහළින් සවිකර ඇති අමතර කොටස් සියල්ල ප්ලාස්ටික් හෝ ෆයිබර් වැනි සැහැල්ලු ද්‍රව්‍යයකින් නිර්මාණය කිරීමට රුපියල් 1,000ක් අය කෙරෙන අතර, ඉදිරියට නෙරා ඇති හැඩතලවලින් තොරව මැද පිහිටි ආරක්ෂක වැඩ සුදු යකඩ ලෝහයෙන් නිර්මාණය කිරිමට රුපියල් 2,000ක මුදලක් ගාස්තු ලෙස අයකෙරෙනවා.

මේ අතර මෙම චක්‍රලේඛයට අනුකූලව මෙරට ලියාපදිංචි කර ඇත්තේ බස් රථ 35ක් පමණක් බව හිරු ප්‍රවෘත්ති සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙම්න් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුජීව තෙන්නකෝන් සඳහන් කළා

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports