මගේ ආයුශත් අරන් මගේ අම්මි තව හුගාක් කල් නිරෝගිව ඉටි රූපයක් වගේ ලස්සනට ඉන්න ඕනේ..! සමාජ මාධ්‍ය කැළඹූ කාවින්ද්‍යා තමන්ගේ ආදරණීය මව වෙනුවෙන් තැබූ සංවේදී සටහන…

අම්මෙක්ට දුවෙක් කියන්නේම මහ මෙරක්.. ඇයටත් ඒක එහෙම්මම වෙන්න ඇති.. කාවින්ද්‍යා අධිකාරි, සමිතාගේ ආදරණීය දියණිය ඇයයි.. සමිතා එරන්දතී මුදුන්කොටුව නම් වූ මේ ප්‍රවීණ ගායන ශිල්පිනියගේ..

අම්මෙක්ට දුවෙක් කියන්නේම මහ මෙරක්.. ඇයටත් ඒක එහෙම්මම වෙන්න ඇති..

කාවින්ද්‍යා අධිකාරි, සමිතාගේ ආදරණීය දියණිය ඇයයි.. සමිතා එරන්දතී මුදුන්කොටුව නම් වූ මේ ප්‍රවීණ ගායන ශිල්පිනියගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා..

ඉතින් ඒ වෙනුවෙන් තමන් මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන, ඇයට කවී මෙන්න මේ වගේ ආද‍රණීය උපන්දින සුබපැතුමක් එක්කරලා තිබුණා…

සුබ උපන්දිනයක් මගෙ රත්තරං අම්මී…
චූටි කාලේ ඉඳන් ගොඩාක් ආසාවෙන් ඔයාට උපන්දින සුබ පැතුම් මම ලියන්නේ…
ඒත් අද වෙනෙකොට ජීවිතේ කියන්නේ මොකද්ද කියලා ඕනාවටත් වැඩියෙන් තේරුම් ගිහින් නිසා කැමැත්තෙන් නෙමේ මේ සුබ පැතුම ලියන්නේ..
අම්මා කෙනෙක් හැමදාටම එකම වයසේ ඉන්නවා නම් ඒක තමයි ඕනම ආදරණීය දුවෙක්/පුතෙක් ගෙ ප්‍රාර්ථනාව… ඉතින් මගෙත් ඒ ප්‍රාර්ථනාව එහෙම්මම යි මගෙ අම්මී!
මාව මෙහෙම ලස්සනට හැදුවාට ඔයාට ගොඩක් පිං…
මිනිස්සුන් ගෙ හිත් රිද්දන්නේ නැතුව ආදරේ කරන්න මට මුලින්ම ඉගැන්නුවේ ඔයා අම්මා. මම ඒ දේ ට උපරිම සාධාරණයක් කරන්න උත්සහ කලත් සමහර තැන්වල දි මම fail… ඒත් අම්මා මට කියලා දුන්න හොඳ දේවල් මම පුලුවන් උපරිමෙම් ම හිතට අරං අද වෙනකම් ම මම කරලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා…
අම්මා ට මම පණ වගේ ආදරෙයි… ඒක අම්මා ට දැනෙනවා ද නැද්ද කියන්න මම දන්නේ නෑ… ඒක මට වචන වලින් කියලා නිම කරන්න පුලුවන් දෙයකුත් නෙමේ… හැබැයි මම හිතනවා මගේ හිතේ අම්මා ට තියෙන මහමෙරක් තරම් ආදරෙන් චුට්ටක් හරි අම්මාට දැනෙනවා ඇති කියලා…
මගේ හුස්ම තියෙනකල් මම අම්මා ට මහමෙරක් තරම් ආදරෙයි මොන දේ වුනත්! ඒක කාටවත් උදුරගන්න බෑ!
මගේ ආයුශත් අරං මගේ අම්මි තව හුගාක් කල් නීරෝගීව, ඉටි රූපයක් වගේ ලස්සනට ඉන්න ඕනේ!
ආදරෙයි මගේ අම්මී!
බුදුසරණයි…

Hiru Gossip

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports