කිඹුල් කටට ගොස් දිවි බේරාගත් පුංචි වීරයාගේ කතාව ඔබත් ඇහුවද ? මෙන්න ඒ කතාව…

අනුරාධපුර මහ ඉලුප්පල්ලම ප්‍රදේශයේ යෝධ ඇළෙහි සිදුවූ අසාමාන්‍ය සිද්ධියක් මේ දිනවල මුළු රටේම අවධානයට ලක්ව තිබෙනවා. ඒ කිඹුලෙකුගේ කටට හසුවූ 12 හැවිරිදි පාසල් සිසුවෙකු අසාමාන්‍ය..

අනුරාධපුර මහ ඉලුප්පල්ලම ප්‍රදේශයේ යෝධ ඇළෙහි සිදුවූ අසාමාන්‍ය සිද්ධියක් මේ දිනවල මුළු රටේම අවධානයට ලක්ව තිබෙනවා.

ඒ කිඹුලෙකුගේ කටට හසුවූ 12 හැවිරිදි පාසල් සිසුවෙකු අසාමාන්‍ය ධෛර්යකින් යුතුව තම ජීවිතය බේරා ගැනීමට සමත් වී තිබීම හේතුවෙන්.

මෙම සිද්ධියට මුහුණපාන්නේ මහඉලුප්පල්ලම මහා විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශෂික නිරෝෂන් බාලසූරිය නම් දරුවායි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන 32 හැවිරිදි ප්‍රසන්න බාලසූරිය මහතාගේ හා 31 හැවිරිදි සුවිමාලා ජයතිලක මහත්මියගේ වැඩිමල් පුත්‍රයා වන ශෂික, කඩියන්ගල්ල ගම්මානයේ පදිංචිව සිටී.

පසුගිය දිනක සිය මිතුරු පවන් පැහැසර සමඟ යෝධ ඇළේ නෑමට ගිය ශෂික, ජයගංගාරාමය අසල බෝක්කුවෙන් දියට පැන පිහිනීමට පටන් ගත්තේය. දිය යට පිහිනීමට දක්ෂ ශෂික, අඩි තුන හතරක් පමණ ගැඹුරින් පිහිනා යද්දී හදිසියේම ඔහුගේ හිස කිඹුලෙකුගේ දත් අතරට හසුවිය.

“මං වෙනද වගේ වතුර යටින් පීනගෙන ගියා. ටික දුරක් යනකොට එක පාරට කරුවල වුණා. මගේ ඔළුව මොකක් හරි එකක් ඇතුළට ගිහින් බෙල්ල ළඟටම හිරවුණා. කටු කටු ඇනුණා. මං අතගාන කොට මට රබර් බටයක් වගේ එකක් අහුවුණා. මං ඒක හයියෙන් මිරිකගෙන ඔළුව එළියට ගන්න දැඟලුවා.ඊට පස්සෙ මගෙ ඔළුව හිරවෙලා තිබුණු කටු කටු වගේ තිබුණු පළු දෙක හයියෙන් ඈත් කරලා ඔළුව එළියට ගත්තා. එතකොට මට දැනුනා මගෙ ඔළුවේ පිටිපස්ස ඉරාගෙන යනව වගේ. ඉක්මනින් වතුරෙන් උඩට ඇවිල්ල ඇළේ ඉවුරේ තිබුණු පන්සලට වතුර ගන්න ඇළට දාල තියෙන ෆුට් වෑල් එක ළඟට පීනුවා. එතන තිබුණා වැලක්. ඒ වැලේ එල්ලුනා. එතකොට මට දැනුණා මගෙ ඔළුවයි මූණයි බෙල්ලයි ඔක්කොම තුවාල වෙලා කියලා.මං ඒ වැලේ එල්ලිලා පන්සල තියෙන ඉඩමට ගොඩවුණා.. මං කවදාවත් කිඹුලෙක් දැකල නෑ.. පස්සෙ තමා දැනගත්තෙ මගෙ ඔළුව තිබිල තියෙන්නෙ කිඹුලගෙ කට ඇතුලෙ කියල..”

ශෂික දැක්වූ අසාමාන්‍ය ධෛර්යය හා කල්පනාකාරී ක්‍රියාකලාපය නිසා ඔහුට තම ජීවිතය බේරා ගැනීමට හැකි විය.

කිඹුලාගේ උගුරු දණ්ඩ තදින් මිරිකා, ඔහුගේ දත් දෙපසට තල්ලු කර, හිස නිදහස් කර ගැනීමට ඔහු සමත් විය. මෙම සටන සිදුවූයේ විනාඩි දෙක තුනක කෙටි කාලයක් තුළය.

සිද්ධිය දුටු පවන් පැහැසර තවමත් දැඩි කම්පනයකින් පසුවෙයි. ‘‘එකපාරටම ශෂික වතුර යටට ගියා. මං බලාගෙන හිටියා. එයා උඩට ආවේ නැති හින්ද මං බලාගෙනම හිටියා. ටික වෙලාවකින් එතන වතුර බොරවෙලා කැලතුණා. එකපාරටම ලොකු කිඹුලෙකුගෙ කටක් වතුරෙන් උඩට ආවා. කිඹුලගෙ කට ඇතුළේ ශෂිකගෙ ඔළුව හිරවෙලා තිබුණා. කිඹුලා ආයෙත් ශෂිකත් එක්ක වතුර යටට ගියා. ටික වෙලාවකින් ශෂික ඔළුවෙන් ලේ පෙරාගෙන වතුරෙන් උඩට ආවා. ඇවිල්ලා පීනගෙන පන්සල පැත්තෙ ඉවුරට ගියා. එතනින් වැලක එල්ලිලා ඉවුරට ගොඩවුණා. මට ගොඩක් බය හිතුණා..” යැයි ඔහු විස්තර කළේය.

කිඹුල් ප්‍රහාරයෙන් පසු ශෂික සේනපුර රජයේ රෝහලටත්, පසුව අනුරාධපුර ශික්ෂණ රෝහලටත් ඇතුළත් කෙරිණි. ඔහුගේ හිසේ මැහුම් 28ක් දැමීමට සිදුවිය.

දැනට නිවසේ සිට ප්‍රතිකාර ලබන ශෂික, පාරම්පරික ගැමි සිරිතක් අනුව උඩුවියන් හා වටතිර යටතේ රැකවරණය ලබයි. මෙය කිඹුල් හූනන්ගෙන් ඇතිවිය හැකි අනතුරුවලින් ආරක්ෂා වීමට ගන්නා පියවරකි.

ශෂිකගේ පියා පවසන පරිදි, පසුගිය දිනවල ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් කලාවැව වාන් දැමීමත් සමඟ කිඹුලන් යෝධ ඇළට පැමිණ ඇති බව සැක කෙරේ.

Hiru Gossip

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports