ගවුම් ඇදගෙන ඉස්කෝලේ ආපු ගුරුවරියන්ව ගෙදර යවලා… බහින්බස්වීම බේරන්න පොලිසියෙනුත් ඇවිත්…

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයට පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගවුම්වලින් සැරසී පැමිණි ගුරුවරියන් පිරිසක් හරවා යැවීමට කටයුතු කර තිබේ. ඊයේ..

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයට පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගවුම්වලින් සැරසී පැමිණි ගුරුවරියන් පිරිසක් හරවා යැවීමට කටයුතු කර තිබේ.

ඊයේ (16) දිනය පාසල් පැවැත්වෙන දිනයක් බැවින් පාසල තුළට පැමිණිය යුත්තේ සාරිය හැඳගෙන වුවද ඔවුන් ගවුම්වලින් සැරසී පැමිණීම හේතුවෙන් එම පාසලේ විදුහල්පතිනිය විසින් ඔවුන් පාසලට ඇතුළු කරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් ය.

මෙහිදී පිළිතුරු පත්‍ර ඇගයීමට පැමිණි ගුරුවරියන් පවසා ඇත්තේ එම ඇගයීම් මධ්‍යස්ථානයේ පාලනය විභාග කොමසාරිස් ජනරාල්වරයා සතු බැවින් ඒ පිළිබඳව විදුහල්පතිනියට වගකීමක් නොමැති බවය.

විදුහල්පතිනිය පවසා ඇත්තේ පාසලක යම් විනයක් ඇති බවත් පාසල තුළට පැමිණෙන සියලුදෙනා ඊට අනුගත විය යුතු බවය.

එහිදී දෙපිරිස අතර යම් බහින්බස්වීමක් ද සිදුවී ඇති අතර එය පාලනය කිරීම සඳහා පොලීසිය කැඳවීමට ද පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් එහිදී ද දෙපිරිසටම එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇති අතර, විභාග කොමසාරිස් ජනරාල්වරයා උපදෙස් දී ඇත්තේ එම මධ්‍යස්ථානය තාවකාලිකව වසාදමන ලෙසටය.

මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතාගෙන් විමසිමක් කළ අතර ඔහු සඳහන් කළේ ඒ පිළිබඳ අද (17) සාකච්ඡා කර තීරණයක් ගන්නා බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports