සංගක්කාර යලි ක්‍රිකට් පිටියට එනවා කියන්නේ ඇත්තක්ද ? මෙන්න ඒ ගැන හරියටම…

සංගාට ආදරේ කරන අයට මේ කියන්න හදන්නේ සතුටු හිතෙන පුවතක්…

ලොව හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගි වන ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 22 වැනිදා සිට මාර්තු මස 16 වැනිදා ඉන්දියාවේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලිය පසුගිය වසරේදී පැවැත්වීමට නියමිතව තිබුණ ද එය පසුව කල් දැමීමට පියවර ගත්තා.

ඒ අනුව ඉන්දියාව, ශ්‍රී ලංකාව,ඔස්ට්‍රේලියාව ,දකුණු අප්‍රිකාව ,එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් තරග වදින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරයි.

සංගා ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමෙන් පසු කිසිඳු වෘත්තීයමය ලීග් ක්‍රිකට් තරගාවලියකට සහභාගි නොවුණු අතර ඒ අනුව ඔහු ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් සමග එක්වන පළමු ක්‍රිකට් තරගාවලිය ද මෙයයි.

මීට අමතරව ඉන්දීය කණ්ඩායම සචින් ටෙන්ඩුල්කාර්ගේ නායකත්වයෙන් එක්වන අතර කොදෙව්වන්ට නායකත්වය ලබා දෙන්නේ බ්‍රයන් ලාරා.

ඔස්ට්‍රේලියා කණ්ඩායමට ෂේන් වොට්සන් නායකත්වය දරණ අතර දකුණු අප්‍රිකාව පිවිසෙන්නේ ජොන්ටි රෝඩ්ස්ගේ නායකත්වයෙන්.

එංගලන්ත කණ්ඩායම ඔයින් මෝර්ගන් මෙහෙයවනු ලබනවා.

2025 ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය මුම්බායි ,රායිපූර් සහ රාජ්කෝට්හිදී පැවැත්වීමට නියමිතයි

  • Related Posts

    IPL යන්න නොදුන් නිසා නුවන් තුෂාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නඩු පවරයි…

    IPL තරගාවලියට සහභාගී වීමට අවසර නොදීමට එරෙහිව වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරයි

    මිත්‍රවරුනි, ඔබ කරන දේට මහන්සි වෙන්න.තවකෙක් මහන්සියෙන් උපයාගත් දේට ඉරිසියා නොකරන්න – මතීශගේ සහෝදරියගෙන් විවේචකයන්ට සැර පිළිතුරක්..!

            මෙන්න ඒ කමෙන්ට් එකේ සිංහල පරිවර්තනය: විවේචකයන්ට, දිනපතාම සදාචාරයෙන් බත්, කුකුල් මස්, එළවළු කන එක 5-10 වසරක් පුරා අඛණ්ඩව කරන්න. මත්පැන් බොන්න එපා. අඛණ්ඩ ව්‍යායාම රටාවක්…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    • By admin
    • April 6, 2026
    • 36 views
    අවුරුදු තෑග්ග කියලා එකවුන්ට් එකටම විදින අලුත්ම සෙල්ලම මෙන්න!

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 423 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 91 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 837 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 179 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 830 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්