රටක් ආදරේ කරන යොහානි යුග දිවියට එළැඹෙන්න සූදානම්ද ? ඒ වාසනාවන්තයා කවුද ? ඒ දවස ගැන ඇය කියන කතාව !

යොහානි ද සිල්වා.. නව පරපුරේ දක්ෂ, ජනප්‍රිය ගායන ශිල්පිනියක්.. ඇය ගැන ඇසෙන විශේෂ සිදුවීම් කාලයෙන් කාලයට වෙනස් වෙනවා.. මේ දවස්වල ඇගේ වැඩකටයුතු කොහොමද..? ලොවක් හඳුනන..

යොහානි ද සිල්වා.. නව පරපුරේ දක්ෂ, ජනප්‍රිය ගායන ශිල්පිනියක්..

ඇය ගැන ඇසෙන විශේෂ සිදුවීම් කාලයෙන් කාලයට වෙනස් වෙනවා..

මේ දවස්වල ඇගේ වැඩකටයුතු කොහොමද..? ලොවක් හඳුනන මේ ගායිකාවගේ මේ වසරේ ආරම්භය මොනවගේද කියන එක ඇය අපිත් එක්ක බෙදාගත්තේ මෙන්න මෙහෙමයි..

ඉතින් කවුරුත් ආදරය කරන මේ සුපිරි තරුව හාහාපුරා කියලා නව වසර ආරම්භයේදීම කරන්න යන වැඩකටයුතු ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්..

උදා වුණු 2025 අවුරුද්ද ඔබට මොන වගේද දැන්නේ..

පළමුවෙන්ම කියන්න ඕන හිරු අහන බලන හැමෝටම සුබ අලුත් අවුරුද්දක්.. මේ අවුරුද්දේ මගේ දෙවැනි studio album එකේ වැඩකටයුතු මං කරන ගමන් ඉන්නේ.. ඒක මේ අවුරුද්දේ ඔයාලා වෙනුවෙන් ලබාදෙන්න බලාගෙන ඉන්නවා.. ඒකේ පළමුවෙනි ගීතය ඉක්මනටම ඔයාලාට අහන්න ලැබේවි.. මේකේ සින්දු 07ක් තියනවා.. ඒ album එකේ නම “ආදරේ”

ඒ කියන්නේ “ආදරේ” ගීත album එකේ මුල්ම ගීතය මේ මාසේ අහන්න ලැබේවිද..? ඒ ගැන ඉඟියක් කියමු..

ඔව්.. සියලු දේ හරියට වුණොත් මේ මාසේ අහන්න ලැබේවි.. ඒ වුණාට ඒකත් එක්කම මගේම කියලා concert එකක් කරනවා හෙට.. ඉතින් ඒකටත් ඔයාලා හැමෝටම එන්න කියලා මං ආරාධනා කරනවා..

ඒ ප්‍රසංගය ටිකක් විශේෂයි.. ඔයාගේ රසික රසිකාවියන්ට අපි ඒ ගැනත් කියමු..

මේක මං ලංකාවේ මගේම කියලා කරන පළවෙනි concert එක.. මං international කරන concert එකේ විදිහටම තමයි මේකත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ..

ඔබ පසුගිය වසරේ ජාත්‍යන්තර සම්මානවලට පවා නිර්දේශ වුණා.. මේ වසරේ ඔබට ඒ වගේ ඉලක්කයක් තියනවාද..?

ඒක තීරණය කරන්නේ මාව අහන බලන ප්‍රේක්ෂකයෝ.. මං ස්තූතිවන්ත වෙනවා ඒ අයට..

පසුගිය දවසක අපිට ඔබේ ලස්සන ඡායාරූප කිහිපයක් දැකගන්න ලැබුණා.. ඒ ඔබේ පවුලේ විවාහ මංගල උත්සාවයක්.. ඒ ඔබේ නැගණියගේ.. ඒ දවස ගැන කිව්වොත්,

ඒ මගේ එකම නංගී… ඇය විවාහ වුණා.. එයාට පොඩි කාලේ ඉඳලා තිබ්බ dream එකක් තමයි ලොකු විවාහයක් කරන එක.. ඒක ඇස් දෙකෙන් දකිනකොට මටත් ඒක විශේෂ අවස්ථාවක් වුණා… මං ඇයට සුබ පතනවා.. ඇගේ විවාහ ජීවිතයට..

එදා ඔබ කවදාටත් වඩා ලස්සන විදිහකට දැකගන්න ලැබුණා.. ඒත් එක්කම යොහානිගේ ඒ වගේ සුබ ආරංචියක් මේ අවුරුද්දේදී අපට අහන්න දකින්න පුළුවන් වෙයිද..?

නැහැ.. මං හිතන්නේ මේ අවුරුද්දෙ නම් නැහැ.. මේ අවුරුද්දේ මගේ focus එක තියෙන්නේ මගේ දෙවැනි album එක ගැන තමයි…

Hiru Gossip

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports