හිසකෙස් ගැලවී යාම නිට්ටාවටම වළකන, අස්ථි ශක්තිමක් කරන දිව ඔසුව…

Daucus Carota විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කැරට් යනු බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු තවත් එක් එළවළුවකි. එනම් ශ්‍රී ලංකාවේ උඩරට ප්‍රදේශයෙහි හොඳින් වැඩේන කැරට් ආහාරයට ගැනීමෙන්  ශරීරයට බොහෝ වාසි අත්කර ගත හැකිය. එනම් කැරට් අල ව්‍යාංජනයක්, සලාදයක්, අච්චාරුවක් ලෙස, කේක් සහ ටොපි ලෙස, සෝස් හා පානයක් ලෙස, කැරටි ආහාරයට ගත හැකිය. එනම් කැරට් වඩාත් ගුණදායක වන්නේ අමුවෙන් ආහාරයට ගැනීමය. ඊට අමතරව ශාකයේ කොළද ආහාරයට එක් කර ගනු ලැබේ.

කැරට් වල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. එනම් ප්‍රෝටීන්, විටමින් ඒ, බී, සී, තන්තු , ප්‍රෝටීන්, ඛනිජ ලවණ , මේද , කැරොටීන්,  තයමින්,ජලය,සීනි, රයිබොප්ලෙවින්, තයසීන්, ෆෝලික් අම්ලය ආදී පෝෂ්‍ය පදාර්ථ අඩංගුවේ.

බොහෝදෙනෙකු අද වන විට කැරට් පානයක් ලෙස සකස් කර භාවිතා කරයි. එනම් ඉන් ශරීරයට බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගත හැකිය.

රසවත් කැරට් පානයක් සකස් කර ගන්නා ආකාරය

කැරට් අල කිහිපයක්
ලුණු ස්වල්පයක්
මී පැණි ස්වල්පයක්
වතුර කෝප්ප 1

කැරට් අල අවශ්‍ය ප්‍රමාණයට ගෙන හොඳින් සෝදා පිරිසිදු කර කැබලි වලට කපා ඊට වතුර ස්වල්පයක් හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. පසුව ඊට අවශ්‍ය ප්‍රමාණයට වතුර මිශ්‍ර කර  මී පැණි ස්වල්පයක් හා රස පදමට ලුණු ස්වල්පයක් මිශ්‍ර කර පානය කරන්න.

මෙය ශීතකරණ තුළ තබා සිසිල් කර පානය කළ හැකිය. ඔබ කැමති පරිදි ඊට දෙහි යුෂ වුවද එකතු කර ගත හැකිය.මෙම පානය මාසයක් පමණ භාවිතා කිරීමෙන් බොහෝ රෝග සමනය කර සම පැහැපත් කර ගත හැකිය.

අක්ෂි රෝග සමනය කරයි.කැරට් පානයක් ලෙස සකස් කර නිතර භාවිතා කිරීම මගින් අක්ෂි රෝග සමනය කරගත හැකිය. එනම් මේ සඳහා කැරට් වල අඩංගු විටමින් ඒ හා බීටා කැරොටීන් ඇස් පෙනීම වර්ධනය කර අක්ෂි රෝග සමනය කරයි.

කුරුළෑ සඳහා ප්‍රතිකාරයකි බොහෝ තරුණ තරුණියන්ට ගැටලුවක් ව පවතින කුරුලෑ සමනය කර ගැනීම සඳහා ආහාරයට ගත හැකි ගුණදායක එළවළුවක් ලෙස කැරට් නම් කළ හැකිය. එනම් කැරට් පානයක් ලෙස භාවිතා කිරීමෙන් කැරට් වල අඩංගු විටමින් ඒ කුරුළෑ සමනය කිරීම සිදුකර නැවත කුරුලෑ ඇතිවීම වලක්වනු ලබයි.

හිසකෙස් වර්ධනය කරයි වර්තමානය වන විට බොහෝ තරුණියන්ට පවතින රූපලාවණ්‍ය ගැටලුවක් ලෙස හිසකෙස් ගැලවී යාමේ ගැටලුව හඳුනා ගත හැකිය. එනම් මෙම තත්ත්වයන් සුව කර ගැනීම සඳහා කැරට් නිතර ආහාරයට ගැනීම මෙන්ම කැරට් පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම ගුණදායකය. එනම් එමගින් කැරටිවල  අඩංගු විටමින් ඒ, බී,සී,ඊ හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථයන් හිසකෙස් ගැටලු සමනය කර හිස කෙස් වර්ධනය කිරීම සිදු කරයි.

ශරීරය සිසිල් කරයි.කැරට් පානය නිතිපතා භාවිතා කිරීම මගින් කැරට් වල අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණයන් ශරීර උෂ්ණත්වය වළක්වා ශරීරය සිසිල් කරනු ලබයි. එමෙන්ම උෂ්ණය නිසා ඇතිවන දැවිල්ල කුෂ්ඨ ,තුවාල …ආදිය ද එමගින් සුවකර ගත හැකිය.

සම පෝෂණය කර පැහැපත් කරයි.කැරට් යනු සමට හිතකර ආහාරයකි එනම් කැරට් පාන නිතිපතා සකස් කර භාවිතා කිරීම මගින් එහි අඩංගු විටමින් ඒ විටමින් සී ,ඩී ,ඊ, පොටැසියම්, කැරොටීන් වැනි පෝෂ්‍ය පදාර්ථ සමෙහි අදුරු බව හා ලප කැළැල් සමනය කර සම එල්ලා වැටීම වළක්වා සම පෝෂණය කර පැහැපත් කරනු ලබයි. එමෙන්ම සමේ තෙතමනය රඳවා තබා හිරු කිරනින් සම ආරක්ෂා කරයි.

අස්ථි ශක්තිමත් කිරීමට
රුධිර පීඩනය ඇතිවීම වැළැක්වීමට
පණු රෝගවලට
ශරීරයේ රුධිරය වර්ධනය කිරීමට
බැක්ටීරියා ආසාදන සමනයට
සමෙහි පැල්ලම් සමනය කිරීමට
ආහාර දිරවීම පහසු කිරීමට හා
මල බද්ධය වැළැක්වීමට
ශරීරයේ විෂ නැසීමට
හිසකෙස් ගැටලු සමනය කිරීමට
ශරීර උෂ්ණය අවම කිරීමට
හෘද රෝග සමනයට
ශරීරයෙහි ඇති කොලෙස්ටරෝල් මට්ටම අඩුකර ගැනීමට
මුඛ රෝගවලට
ආමාශයික රෝගවලට
අර්ශස් රෝගයට
මතක ශක්තිය වැඩිදියුණු කිරීමට
ස්නායු ශක්තිමත් කිරීමට
පිළිකා මර්දනය කිරීමට

ආදී රෝග රැසක් සමනය කිරීමට කැරට් පානයක් ලෙස හෝ ව්‍යාංජනයක් ලෙස ආහාරයට ගැනීම ගුණදායකය.

මේ ආදී බොහෝ රෝග සමනය කිරීමට කැරට් ගුණදායක වුවත් කැරට් ආහාරයට ගැනීම නුසුදුසු අවස්ථාද පවතී. එනම් දියවැඩියා රෝගීන්ට කැරට් නිතර ආහාරයට ගැනීම අහිතකර වන අතර ඇතැම් විට ආසාත්මිකතා පවා ඇතිවිය හැකිය. එමනිසා දියවැඩියා රෝගීන් බහුලව කැරට් ආහාරයට නොගත යුතුය.

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

  • Related Posts

    ලංකාවේ ජනගහනයෙන් 10%ක් වකුගඩු රෝගීන්.. ඒ ගැන ඇසෙන වෙනස්ම කතාවක් මෙන්න..

    මෙරට වකුගඩු රෝගීන් ගැන මේ ඇසෙන්නේ විශේෂ කතාවක්.. නොදැනුවත්කම නිසා හෝ ඔබත් මෙවැනි තත්වයකට මුහුණ දෙන්න පුළුවන්. මේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්. ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 10%ක් පමණ වකුගඩු…

    දියවැඩියාව ඇති අය රටකජු ආහාරයට ගැනීම ගැන දැනගත යුතු දේ…

    ඔබේ ආහාර වේලට රටකජු සහ රටකජු බටර් එකතු කිරීම ප්‍රයෝජනවත් විය හැකිය, විශේෂයෙන් ඔබට දෙවන වර්ගයේ දියවැඩියාව තිබේ නම්. තාක්ෂණික වශයෙන් ඇට වර්ග නොවුනත්, රටකජු walnuts, ආමන්ඩ් සහ පීකන්ස් වැනි…

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    You Missed

    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    • By admin
    • April 6, 2026
    • 273 views
    කුඩු රජෙක් සුපිරි නැවක උපන්දින සාදයක් ගනී.. වීඩියෝ සමාජ ජාලවලට..

    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    • By admin
    • April 6, 2026
    • 80 views
    “මේ විපක්ෂය රටට ම විපතක්, සාපයක්” – ටිල්වින්

    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    • By admin
    • April 6, 2026
    • 818 views
    ඉරාන යුද්ධයට සටන්විරාමයක්…

    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    • By admin
    • April 6, 2026
    • 170 views
    ලාල් කාන්තගේ පෞද්ගලික නිවස ගොඩනැගීම සඳහා මුදල් උපයාගත් ආකාරය රටට පැහැදිලි කළ යුතු බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    • By admin
    • April 6, 2026
    • 812 views
    “අපි දැන් තුන්දෙනෙක්” විවාහයෙන් දින 39කට පසු රශ්මිකාගෙන් සුබ ආරංචියක්? ඇත්තටම මේක නම් ලෝකයම ඉන්න ප්‍රේක්ෂකයන්ට සතුටක්

    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….

    • By admin
    • April 6, 2026
    • 100 views
    රයිස් – කොත්තු – රයිස් ඇන්ඩ් කරි රුපියල් 20කින් ඉහළට….