“මෙහෙම දෙයක් වෙන්න මම කරපු වරද මොකක්ද.?” – ජනප්‍රිය ගායන ශිල්පී අජිත් බණ්ඩාරට පහරදුන්නේ කවුද ? .”

රියැලටි ගායන ශිල්පියෙක් වන අජිත් බණ්ඩාරට තරුණයෙක් පසුගිය 10 වැනිදා පස්වරුවේ තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා. ඒ හේතුවෙන් ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව..

රියැලටි ගායන ශිල්පියෙක් වන අජිත් බණ්ඩාරට තරුණයෙක් පසුගිය 10 වැනිදා පස්වරුවේ තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන

එහිදී ඔහුට සැත්කමක් කර ප්‍රතිකාර ලබාදී තිබෙන අතර තුවාලය එතරම් බරපතළ නොවන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන යන විදේශ රැකියා ඒජන්සියක හිමිකරුවෙකුගේ පුතෙකු වන සැකකාර තරුණයා අජිත් බණ්ඩාරට පිහියකින් පහරදී ඉන් නොනැවතී ඔහුගේ නිවසේ ජනෙල් වීදුරු රැසකටද පහරදී අලාබහානි සිදුකර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව සඳහන්.

මෙම පහරදීම සම්බන්ධයෙන් අජිත් බණ්ඩාර අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ, මෙලෙස පහරදීමට හේතුව කුමක්දැයි තමන්ට දැනගැනීමට අවශ්‍ය බවයි.

“10 සවස 4.30ට පමණ මම නිදාගෙන හිටියේ. එකපාරට මට ගේ පිටුපසින් ශබ්දයක් ඇහුණා දොරට ගහනවා වගේ. ඊට පස්සේ මොකක්ද කියලා බලන්න මම කාමරයෙන් එළියට ඇවිත් සාලයට වෙලා බලනකොට අල්ලපු ගෙදර පුද්ගලයා පිහියක් වගේ ආයුධයක් අරගෙන සාලෙන් ආවා මට බැනගෙන. මට මොකුත්ම හිතාගන්න බැරි වුණා. ඔහු පිහිය උස්සලා මට පහරක් එල්ල කරනකොට මම පිහිය අල්ලගත්තා. ඒ වෙලාවේ මගේ අත කැපුණා. ඊට පස්සේ මම ඔහු එක්ක පොර බැඳුවා පිහිය ගන්න. ඔහුගේ පියා සහ මල්ලි කියන පුද්ගලයෝ දෙන්නා ඇවිල්ලා මාත් එක්ක පොර බැඳුවා. මට මොකුත් කර කියාගන්න දෙයක් නැති වුණා. මම කෑගැහුවා. ඊට පස්සේ වටේ පිටේ අය රැස්වුණා. මේ ගොල්ලෝ ගේ පිළිකන්නෙන්, තාත්තයි, පුතාලා දෙන්නයි එයාලාගේ ගෙදරට දිව්වා. ඊට පස්සේ මගේ අතේ ලේ හෝදගන්න කියලා ටැප් එක ගාවට ගියා. ඒ වෙලාවේ ලොකු පුතා යකඩයක් අරන් ඇවිල්ලා මගේ‌ ගෙදර දොරටයි, ජනේලයටයි පහරක් එල්ල කරලා තිබුණා. මට හිතාගන්න බැරි ප්‍රශ්නය මෙහෙම දෙයක් වෙන්න, මගේ අතින් වෙච්ච වැරැද්ද මොකක්ද කියන්න එක මට දැනගන්න ඔනේ.”

asian mirror

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports