රිමාන්ඩ් එකෙන් නිදහස්ව පැමිණි සැමියා සමඟ මහේෂි කිසිවක් නොවූ ගාණට යූටියුබ් සාකච්ඡාවක – ඊට පස්සේ මෙයා මට කතා කරලා අඬනවා, මට නම් මතකයි

පසුගිය මස 19 වනදා රාත්‍රී පවුලේ ප්‍රශ්නයක් ගැන සිනමා නිළි මහේෂි මධුසංකා කළ හදිසි පැමිණිල්ලක් නිසා බොරලැස්ගමුවේ නිවසට ගිය පොලිස් නිලධාරීන්ට ඇයගේ සැමියා පහරදුන් අතර..

පසුගිය මස 19 වනදා රාත්‍රී පවුලේ ප්‍රශ්නයක් ගැන සිනමා නිළි මහේෂි මධුසංකා කළ හදිසි පැමිණිල්ලක් නිසා බොරලැස්ගමුවේ නිවසට ගිය පොලිස් නිලධාරීන්ට ඇයගේ සැමියා පහරදුන් අතර සිද්ධිය නිසා ප‍සුගිය 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය.

ඔහු ඉන් නිදහස ලබා පැමිණි පසු ‘සුදා යූ ටියුබ්’ නාලිකාවට මෙම යුවළ පැමිණ සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබෙන මුත් එහිදී ඇතිවූ සිද්ධිය ගැන කරුණු කිසිවක් නොකියා තිබීම විශේෂිතය. යූටියුබ් නාලිකා ‘බොරු ගොතන්නේය’ යන්න ඔවුනගේ අදහසයි.

පවුල් ආරවුලක් සම්බන්ධයෙන් දෙසැම්බර් 19 රාත්‍රී රංගන ශිල්පිණි මහේෂි බොරලැස්ගමුව පොලීසිය වෙත දුරකථනය හරහා කරන ලද පැමිණිල්ලට අනුව රාත්‍රී ජංගම සංචාරයේ දී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු රංගන ශිල්පිනියගේ නිවස වෙත ගොස් ආලින්දයේ පුටුවක සිට ඇයගේ පැමිණිල්ල සටහන් කර ගනිමින් සිටියදී එම ස්ථානයට කඩා වැදී තිබූ සැකකරු එකවරම පොලිස් සැරයන්වරයාගේ මුහුණ දෙසට පාදයෙන් ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර සැකකරු සැරන්වරයාගේ ගෙල මිරිකීමට උත්සාහ කරද්දී කොස්තාපල්වරුන් දෙදෙනා සැරයන්වරයා බේරා ගැනීමට උත්සාහ දැරීමේදී ඔවුන්ට ද සැකකරු පාදයෙන් පහර දී තිබුණි.

බොරලැස්ගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙක් හා පොලිස් කොස්තාපල්වරයෙක් මෙම සිද්ධිය නිසා තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.

මෙම සිද්ධිය නිසා ගුවන් නියමු සම්පත් දිසානායක 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත වූ අතර
මෙම සිදුවීම ප්‍රධාන පෙළේ නාලිකාද වාර්තා කර තිබුණි.

සිද්ධියෙන් පසු මුල් වතාවට ඔවුන් සුදා යූ ටියුබ් නාලිකාවට පැමිණ කළ සාකච්ඡාව උඩුගත කර තිබුණි.

මෙම සාකච්ඡාවේ කිසිදු තැනකදී පොලිසිය සමග සිදුවූ ගැටුම හෝ නිවසේ සැමියා බිරිය අතර ආන්දෝලනයට තුඩු දුන් දින රාත්‍රී රණ්ඩුව ගැන කිසිවක් කියා සිටියේ නැත.

මෙම සාකච්ඡාවේදී වෙනත් යූටියුබ් නාලිකා පැතිරූ බොරු ගැන වි‍වේචනාත්මක කතාබහක් මෙන්ම ඔවුන් දික්කසාද වන්නට යන කතාව බොරු බවත් කියා තිබුණි.

නිවේදක සුදන්ත කළ ප්‍රශ්න කිරීම් වලදී සැමියා හා බිරිය අතර බහින්බස්වීම් සිදුවන බව පිලිගත්වී නමුත් එවන් අවස්තාවල සැමියා රණ්ඩුවට යන්නේ නැති බවත් ස්ථානය මගහැර වෙනත් තැනකට යන බව පමණක් කියා තිබුනි.
එම සාකච්ඡාවෙන් උපුටනයක් පහතින් – වීඩියෝව ඊට පහතින්

ඔයා මෙයාගෙ ඔලුව පැලුව කියන්නෙ ඇත්තද මහේෂි?

මේක මෙහෙමයි එක කතාවක් නෙමෙයි කියන්නේ. ඒ යූ ටියුබ් දහයක් ගත්තොත් 10 තියෙන කතා වෙනස්.
මං ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ මේ වගේ යූටියුබ් චැනල් හදාගෙන බොරු දේවල් දානවට පියවරක් ගන්න කියලා.ප්රධාන ම දේ තමයි අපි දෙන්නා අතර කවදද කවදා හෝ ප්රශ්නයක් ඇතිවුණු දේකදී මෙයාට හොර ගෑනු කෙනෙක් ඉඳලා හෝ මට හොර මනුස්සයෙක් ඉඳලත් එහෙම එකක් වෙලා නෑ.

රණ්ඩුවක් වෙද්දි සම්පත් ඔයා මොකද කරන්නේ?

මං යනව. ඒත් මෙයා එනවා නූල වගේ පස්සේන්. මං රණ්ඩුවට යන්නෑ අයින්වෙනව සිටියුඒෂනක් එකින්
ඒ වුණාට පස්සේ මෙයා කතා කරලා අඬනවා.
සෝඩා බෝතලේ වගේ අමතකයි. මට නං අලියට වගේ මතකයි

Asian Mirror

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

About the Author

Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

BlockSpare — News, Magazine and Blog Addons for (Gutenberg) Block Editor

Search the Archives

Access over the years of investigative journalism and breaking reports