කුඹුරු යායක පිහිටි පොදු ළිඳක් ඇතුළේ කරවටක් ජලයේ ගිලී, මරණයත් එක්ක සටන් කරමින් හිටපු කාන්තාවක් බේරාගන්න පොලිසිය සමත් වෙලා තියෙනවා. හැබැයි ඒ ළිඳ ඇතුළෙම තිබිලා තවත් කාන්තා මළ සිරුරකුත් හමුවීම මුළු ප්‍රදේශයම කම්පනයට පත් කරලා.
“අනේ මහත්තයෝ.. මාව පැහැරගෙන ඇවිත් මේ ළිඳට දැම්මා… ළිඳ ඇතුළේ තවත් කෙනෙක් ඉන්නවා..” කිරි පට්ටියට යද්දී ඇහුණේ අමුතුම සද්දයක්..
නැගෙනහිර පළාතේ කොක්කඩිචෝලේ ප්‍රදේශයම අද උදෑසන භීතියෙන් ඇළලුනේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ අද්භූත පුවතක් නිසයි. කුඹුරු යායක පිහිටි පොදු ළිඳක් ඇතුළේ කරවටක් ජලයේ ගිලී, මරණයත් එක්ක..

නැගෙනහිර පළාතේ කොක්කඩිචෝලේ ප්‍රදේශයම අද උදෑසන භීතියෙන් ඇළලුනේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ අද්භූත පුවතක් නිසයි.
අද උදෑසන කිරි පට්ටියක් වෙත යමින් සිටි පිරිසකට මේ ළිඳ ඇතුළෙන් කාන්තාවකගේ කෙඳිරිලි හඬක් සහ කෑගැසීමක් ඇහිලා තියෙනවා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වුණු ගම්වැසියන් සහ කොක්කඩිචෝලේ පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී තමයි මේ අසාධ්‍ය තත්ත්වයේ හිටපු කාන්තාව මුදාගෙන තියෙන්නේ.
පොලිස් පරීක්ෂණ හමුවේ ඇය හෙළි කරපු තොරතුරු ඇත්තටම භයානකයි. ඊයේ (19) දින ඇය තම දරුවා සමඟ යමින් සිටියදී කණ්ඩායමක් ඇයව පැහැරගෙන විත් තියෙනවා. ඉන්පසුව ඇයට දරුණු ලෙස පහර දීලා මේ ළිඳට දමා පලා ගොස් ඇති බවයි ඇය පවසන්නේ. මුළු රැයක්ම ඇය ඒ අඳුරු ළිඳ ඇතුළේ මරණයත් එක්ක සටන් කරලා තියෙනවා.
බේරාගත් කාන්තාව ලබාදුන් තොරතුරක් මත පොලිසිය ළිඳ පරීක්ෂා කිරීමේදී තමයි අනෙක් කාන්තාවගේ මළ සිරුර සොයාගෙන තියෙන්නේ. මේ කාන්තාවන් දෙදෙනාටම සිදුවූයේ කුමක්ද? ඔවුන්ව මෙලෙස ළිඳට දැමුවේ කවුද? මේ පිටුපස ඇති අභිරහස හෙළි කරගන්න මඩකලපුව පොලිසිය දැන් පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා.
Previous Post
Next Post
Leave a Reply
About the Author

AF themes
Easy WordPress Websites Builder: Versatile Demos for Blogs, News, eCommerce and More – One-Click Import, No Coding! 1000+ Ready-made Templates for Stunning Newspaper, Magazine, Blog, and Publishing Websites.

Latest News

Stay Connected
Search the Archives
Access over the years of investigative journalism and breaking reports
You May Have Missed












